ප්රසිද්ධ හොලිවුඩ් සිනමාකරු මයික් ෆ්ලැනගන්, ඇමසන් එම්.ජී.එම් ස්ටූඩියෝස් සමඟ එක්ව හෙන්රි කැවිල්ගේ ප්රධාන රංගනයෙන් හැඩවෙන ‘Warhammer 40,000’ කතා මාලාව නිෂ්පාදනය කිරීමට සාකච්ඡා පවත්වමින් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ. දැනටමත් ස්ටීවන් කිංගේ ‘Carrie’ කතා මාලාව හරහා ඇමසන් සමාගම සමඟ වැඩ කරන ෆ්ලැනගන්, මේ අලුත් ව්යාපෘතියට විධායක නිෂ්පාදකවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න නියමිතයි. හැබැයි ඔහු මේ කතා මාලාවේ ප්රධාන නිර්මාණකරුවා (showrunner) විදිහට වැඩ කරයිද කියන එක ගැන තාම හරියටම තීරණය කරලා නැහැ.
‘Warhammer 40,000’ කියන්නේ අනාගතයේ සිදුවන ඉතාමත් කුතුහලය දනවන කතාවක්. මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන පිටසක්වල ජීවීන් සහ විවිධ අභියෝග මැද සිදුවන මේ කතාව හෙන්රි කැවිල්ගේ ලොකුම සිහිනයක්. ෆ්ලැනගන් කියන්නේ ‘The Haunting of Hill House’ සහ ‘The Fall of the House of Usher’ වගේ අති සාර්ථක නිර්මාණ රැසක් කරපු දක්ෂයෙක් නිසා, මේ කතා මාලාව ගැන රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. ඇමසන් සමාගම මේ කතාවේ අයිතිය ලබා ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී. කොහොම වුණත්, මේ සුපිරි නිර්මාණය කවදා විකාශය වෙයිද කියලා දැනගන්න තව ටික කාලයක් බලා ඉන්න සිද්ධ වෙනවා.

Discussion & Feedback