ලෝඩ් ඔෆ් ද රින්ග්ස් රසිකයින් ගොඩක් ආසාවෙන් හිටපු ‘මිඩ්ල් අර්ත්: ෂැඩෝ ඔෆ් මෝඩෝ’ සහ ‘ෂැඩෝ ඔෆ් වෝ’ කියන ජනප්රිය වීඩියෝ ක්රීඩා දෙක නැවතත් අප අතරට එන්න සූදානම් වෙනවා. මේ ක්රීඩා මාලාව නිකුත් වෙලා වසර නවයකට පස්සේ තමයි මේ වගේ විශේෂ නිවේදනයක් ලැබිලා තියෙන්නේ. ඇස්පයර් (Aspyr) ආයතනය විසින් නිල වශයෙන් මේ ගැන වීඩියෝවක් නිකුත් කරමින් තහවුරු කරලා තියෙනවා.
මේ අලුත්ම ‘මිඩ්ල් අර්ත්: ෂැඩෝ බන්ඩ්ල්’ (Middle-earth: Shadow Bundle) එක හරහා ‘ෂැඩෝ ඔෆ් මෝඩෝ’ ක්රීඩාවේ ‘ගේම් ඔෆ් ද ඉයර්’ සංස්කරණය සහ ‘ෂැඩෝ ඔෆ් වෝ’ ක්රීඩාවේ ‘ඩෙෆිනිටිව්’ සංස්කරණය යන දෙකම එකට ලබාගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම මේ ක්රීඩා දෙකම නින්ටෙන්ඩෝ ස්විච් 2 (Nintendo Switch 2) සඳහා නිකුත් කිරීමට නියමිත වීම ගේමින් ලෝකයේ ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා.
මේ ක්රීඩා මාලාව කලින් ක්රීඩා කරපු අයට වගේම අලුතින් මේ ලෝකයට එකතු වෙන අයටත් මේක හරිම අපූරු අත්දැකීමක් වේවි. ග්රැෆික්ස් සහ ක්රීඩාවේ තියෙන අභියෝගාත්මක බව නිසා මේ ක්රීඩා දෙකම ගේමර්ස්ලා අතර ගොඩක් ජනප්රියයි. ඉතින්, ඔයාලත් මේ වගේ ෆැන්ටසි ලෝකයක වික්රමාන්විත ගමනක් යන්න ආස නම්, මේ අලුත් පැකේජය එනකම් ඉවසීමෙන් බලාගෙන ඉන්න පුළුවන්.

Discussion & Feedback