ලෝකයේ බොහෝ දෙනෙක් එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිතා කරන මයික්‍රොසොෆ්ට් අවුට්ලූක් (Outlook) සහ එක්ස්චේන්ජ් ඔන්ලයින් (Exchange Online) සේවාවන් පසුගිය සඳුදා පැය ගණනාවක් පුරා බිඳ වැටීමකට ලක්වුණා. මේ නිසා ලොව පුරා සිටින පරිශීලකයින්ට ඊමේල් යැවීමේ සහ ලබා ගැනීමේ ගැටලු, ලොග් වීමේ දෝෂ සහ දින දර්ශන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් භාවිතා කිරීමේදී විශාල බාධා ඇති වුණා. විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු සඳහා මෙම සේවාවන් බහුලව භාවිතා කරන අයට මේ තත්ත්වය නිසා ලොකු අපහසුතාවයක් ඇති වුණ බවයි වාර්තා වෙන්නේ.
මයික්‍රොසොෆ්ට් සමාගම පවසන විදිහට මේ ගැටලුවට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ සේවාවන්හි ඇති ‘සත්‍යාපන අංගයක’ (authentication component) ඇතිවූ දෝෂයක්. මේ ගැන දැනගත්ත ගමන්ම ඔවුන් ඒක නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගත්තා. මුලින්ම යම් යම් කොටස් වලට පමණක් මේ විසඳුම අත්හදා බැලූ ඔවුන්, පසුව එය සාර්ථක බව තහවුරු කරගෙන සමස්ත පද්ධතියටම යාවත්කාලීන කිරීමට කටයුතු කළා. මේ සිදුවීමෙන් පෙනී යන්නේ අද වන විට ලෝකයේ ව්‍යාපාරික ලෝකය කොයිතරම් දුරට ඊමේල් සහ මයික්‍රොසොෆ්ට් වැනි සේවාවන් මත යැපෙනවාද කියන එකයි.
ඩවුන්ඩිටෙක්ටර් (Downdetector) වැනි වෙබ් අඩවි වලට අනුව සඳුදා දහවල් වන විට පරිශීලකයින් පන්දහසකට වඩා මේ ගැන පැමිණිලි කර තිබුණා. මයික්‍රොසොෆ්ට් සමාගම පසුව සඳහන් කළේ මෙය හුදෙක් එක්ස්චේන්ජ් සේවාවට පමණක් නොව තවත් සේවාවන් කිහිපයකටම බලපෑ බවයි. කෙසේ වෙතත්, මේ වන විට එම දෝෂයන් මඟහරවා ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින අතර, පද්ධතියේ ඇතිවූ වැරදි වින්‍යාසයන් (misconfiguration) නිවැරදි කිරීමටත් ඔවුන් පියවර ගෙන තියෙනවා.

Discussion & Feedback