කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන මයික්‍රොසොෆ්ට් සමාගම මේ දිනවල තමන්ගේ අලෙවිකරණ කණ්ඩායම්වලට අලුත්ම උපදෙස් මාලාවක් ලබා දීලා තියෙනවා. ඒ අනුව, OpenAI, Google සහ Anthropic වැනි සමාගම්වල නිෂ්පාදනවලට වඩා මයික්‍රොසොෆ්ට් ආයතනයේම නිෂ්පාදන කොතරම් කාර්යක්ෂම සහ ලාභදායීද කියලා පාරිභෝගිකයන්ට පෙන්වා දෙන ලෙස ඔවුන්ට උපදෙස් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් ආයතනයේ විධායක නිලධාරීන් පවසන්නේ, අනෙක් සමාගම් කොටස් වශයෙන් සේවා විකුණද්දී තමන් සම්පූර්ණ පද්ධතියක්ම පාරිභෝගිකයාට ලබා දෙන බවයි. මේ හරහා තරගකාරී සමාගම්වල නිෂ්පාදනවල ඇති අඩුපාඩු පෙන්වා දෙමින් තමන්ගේ වෙළඳපොළ තත්ත්වය ශක්තිමත් කරගැනීමට ඔවුන් උත්සාහ කරනවා.
මයික්‍රොසොෆ්ට් ආයතනය මීට පෙර OpenAI වැනි සමාගම් සමඟ සමීප සබඳතාවක් පැවැත්වුවත්, මේ වන විට ඔවුන් තමන්ගේම මාදිලිවලට වැඩි අවධානයක් යොමු කරන බවක් පේන්න තියෙනවා. විශේෂයෙන්ම Word සහ Excel වැනි මෘදුකාංගවලින් අනෙක් සමාගම්වල AI මාදිලි ඉවත් කර තමන්ගේම මාදිලි ඇතුළත් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා. මේ සියල්ල පිටුපස තියෙන ප්‍රධානම හේතුව තමයි ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සහ AI ක්ෂේත්රයේ සිදුකරන දැවැන්ත වියදම්වලට සාධාරණයක් ඉටු කිරීම. කෙසේ වෙතත්, දිගු කලක් තිස්සේ සහයෝගයෙන් කටයුතු කළ සමාගම් අතර මෙවැනි තරගකාරී තත්ත්වයක් ඇතිවීම තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback