අභ්යවකාශ ගවේෂණ සිදු කරන විට පෘථිවියේ සිටින ක්ෂුද්ර ජීවීන් සඳ මතට රැගෙන යාමේ අවදානමක් පවතින බව විද්යාඥයන් පෙන්වා දෙනවා. මීට පෙර සිදු කළ පර්යේෂණවලින් සඳ මත පවතින දැඩි උෂ්ණත්වය සහ පාරජම්බුල කිරණ නිසා ජීවීන්ගේ පැවැත්ම අසීරු බව පැවසුවත්, නවතම අධ්යයනයකින් හෙළි වී ඇත්තේ සඳේ ඇති කඳු සහ නිම්නවල සෙවණැලි සහිත ප්රදේශවල ක්ෂුද්ර ජීවීන්ට ‘ක්රිප්ටෝබියෝසිස්’ නම් වූ නිද්රාශීලී තත්ත්වයකින් ජීවත් වීමට හැකි බවයි. විශේෂයෙන්ම සඳේ දක්ෂිණ ධ්රැවය වැනි සූර්යාලෝකය අඩු ප්රදේශ මේ සඳහා වඩාත් සුදුසු විය හැකි බව පර්යේෂකයන් පවසනවා.
නාසා ආයතනයේ විද්යාඥයන් පවසන පරිදි, සඳ මතට යන රෝවර් රථයක හෝ අභ්යවකාශගාමියෙකුගේ පියවරක් මගින් පවා ක්ෂුද්ර ජීවීන්ට රැකවරණය ලැබෙන කුඩා ප්රදේශ නිර්මාණය වෙන්න පුළුවන්. අනාගතයේදී සඳ මතට මිනිසුන් යැවීමට සැලසුම් කර ඇති ‘ආටෙමිස් III’ වැනි මෙහෙයුම්වලදී අප රැගෙන යන ද්රව්ය පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු බව ඔවුන් අවධාරණය කරනවා. සමහර විට අතීතයේ පෘථිවියට උල්කාපාත ගැටීමෙන් විසි වූ පාෂාණ මගින් පෘථිවියේ ජීවීන් සඳ මත තැන්පත් වී තිබිය හැකි බවත්, සඳ යනු පෘථිවියේ අතීතය සුරක්ෂිත කර ඇති ශීතකරණයක් වැනි ස්ථානයක් විය හැකි බවත් විද්යාඥයන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Discussion & Feedback