ලෝක සිනමාවේ දැවැන්ත චරිතයක් වන මිෂෙල් යෝ, 31 වැනි බුසාන් ජාත්යන්තර සිනමා උළෙලේදී ‘වසරේ හොඳම ආසියානු සිනමාවේදීිය’ ලෙස සම්මානයට පාත්ර වීමට නියමිතයි. ආසියානු සිනමාව වෙනුවෙන් ඇය ලබා දුන් අතිවිශිෂ්ට දායකත්වය අගයමින් මෙම සම්මානය ඇයට පිරිනැමෙනවා. හොංකොං සිනමාවෙන් කරළියට පැමිණි ඇය, පසුව හොලිවුඩය ජය ගනිමින් ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියානු නිළිය ලෙස ඉතිහාසයට එක් වුණා. ඇයගේ රංගන කුසලතාවය සහ සිනමාව තුළ ඇය ඇති කළ විප්ලවීය වෙනස බුසාන් සිනමා උළෙල විශේෂයෙන්ම අගය කර තිබෙනවා.
මෙම සිනමා උළෙල ඔක්තෝබර් 6 සිට 15 දක්වා පැවැත්වෙන අතර, එහි සමාරම්භක උත්සවයේදී මිෂෙල් යෝ හට මෙම ගෞරවනීය සම්මානය පිරිනමනවා. උළෙල අතරතුර ඇය විසින්ම තෝරාගත් ‘Reign Of Assassins’, ‘Everything Everywhere All At Once’ සහ ‘Sandiwara’ වැනි චිත්රපට කිහිපයක් ප්රදර්ශනය කිරීමටත් කටයුතු යොදා තිබෙනවා. ඇයගේ නවතම චිත්රපටයක් වන ‘It’s My Time’ ද මෙහිදී දැකගන්න පුළුවන්. මීට පෙර චව් යුන් ෆැට් සහ ටෝනි චියු-වයි ලියුං වැනි ප්රවීණයන් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
මැලේසියාවේ උපන් මිෂෙල් යෝ, ‘Yes, Madam!’ චිත්රපටයෙන් ආරම්භ කළ ඇයගේ ගමන අද වන විට ලෝක සිනමාවේම කතාබහට ලක්වන සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වෙලා. වයස හෝ සීමාවන් නොතකා ඇය රංගනයෙන් පෙන්නුම් කරන දක්ෂතාවය අනාගත පරපුරටත් ලොකු ආදර්ශයක්. බුසාන් සිනමා උළෙල සමඟ ඇය වසර ගණනාවක සිට සමීප සබඳතාවක් පවත්වන අතර, මෙවර ඇයගේ පැමිණීම සිනමා ලෝලීන් අතර ලොකු උනන්දුවක් ඇති කර තිබෙනවා.

Discussion & Feedback