දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි මිචලින් තරු දෙකක් හිමි ඉතා ජනප්රිය අවන්හලකට නීති විරෝධී ලෙස ආහාර සඳහා කුහුඹුවන් භාවිත කිරීම නිසා ලොකු දඩ මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අවන්හලේ අයිතිකරුට වොන් මිලියන 15ක දඩයක් සහ අවන්හල පවත්වාගෙන යන සමාගමට වොන් මිලියන 10ක දඩයක් නියම කරලා තියෙන්නේ දකුණු කොරියාවේ ආහාර සනීපාරක්ෂක පනත උල්ලංඝනය කිරීම නිසයි. දකුණු කොරියාවේ මිනිස් පරිභෝජනය සඳහා අනුමත කරපු කෘමි විශේෂ 10ක් තියෙනවා වුණත්, ඒ ලැයිස්තුවේ කුහුඹුවන් ඇතුළත් වෙලා නැහැ.
මේ අවන්හලේ අයිතිකරු වසර හතරක් තිස්සේ තමන්ගේ අතුරුපස වර්ගවලට කුහුඹුවන් 49,000ක් පමණ එකතු කරලා තියෙනවා. ඇමරිකාවෙන් සහ තායිලන්තයෙන් ගෙන්වපු මේ කුහුඹුවන් අතුරුපසට ඇඹුල් රසයක් ලබා දෙන්න තමයි යොදාගෙන තියෙන්නේ. මේ ගැන අදහස් දක්වපු විනිසුරුවරයා කිව්වේ, මේ කුහුඹුවන් පරීක්ෂා කරද්දී ඒවායේ නියමිත ප්රමාණයට වඩා බර ලෝහ අඩංගු බව හඳුනාගෙන තියෙන නිසා මේ වරද සුළුපටු එකක් නෙවෙයි කියලයි. අයිතිකරු තමන් මේ ගැන දැනුවත්ව හිටියේ නැහැ කියලා කිව්වත්, නීතිය ඉදිරියේ වරද පිළිගන්න සිද්ධ වුණා.
ලෝකයේ සමහර රටවල කුහුඹුවන් ආහාරයක් විදිහට භාවිත කළත්, දකුණු කොරියාවේ නීතියට අනුව මේක තහනම් දෙයක්. කොහොම වුණත්, අවන්හලේ අයිතිකරුට එරෙහිව සිර දඬුවමක් ලබා දීමට නීතිපතිවරයා බලාපොරොත්තු වුණත්, ඔහු මීට පෙර කිසිදු වරදක් කර නොතිබීම සහ වරද පිළිගැනීම නිසා විනිසුරුවරයා දඩ මුදලකට පමණක් සීමා කරලා තියෙනවා. මේ සිද්ධියත් එක්ක ලෝකයේ ප්රසිද්ධ අවන්හල් පවා ආහාරවල ආරක්ෂාව ගැන කොයිතරම් සැලකිලිමත් වෙන්න ඕනෙද කියන එක ආයෙත් සැරයක් ඔප්පු වුණා.

Discussion & Feedback