දකුණු කොරියාවේ ඉතාමත් ජනප්‍රිය, මිචලින් තරු දෙකකින් පිදුම් ලැබූ සුපිරි අවන්හලක හිමිකරුවෙකුට එරෙහිව වසරක සිරදඬුවමක් ලබාදෙන ලෙස එරට නීතිපතිවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. මේ අවන්හලේ අතුරුපස සඳහා අමුද්‍රව්‍යයක් ලෙස කුහුඹුවන් භාවිතා කිරීම තමයි මේ ගැටලුවට මූලික හේතුව වෙලා තියෙන්නේ. දකුණු කොරියාවේ ආහාර සඳහා අනුමත කරපු කෘමි විශේෂ දහයක් තිබුණත්, ඒ ලැයිස්තුවට කුහුඹුවන් ඇතුළත් වෙන්නේ නැහැ. පසුගිය වසර හතරක කාලය තුළ ඇමරිකාවෙන් සහ තායිලන්තයෙන් ආනයනය කරපු කුහුඹුවන් 49,000ක් පමණ මේ අවන්හල විසින් විවිධ කෑම වර්ග සඳහා භාවිතා කරලා තියෙනවා.
මේ සිද්ධිය එළියට ආවේ සමාජ මාධ්‍යවල පළවුණු පාරිභෝගිකයන්ගේ ඡායාරූප සහ විවේචන නිසයි. අවන්හල් හිමියා තමන් කුහුඹුවන් භාවිතා කළ බව පිළිගත්තත්, ඔහු පවසන්නේ ඒක තමන්ගේ මෙනු එකේ ඉතා කුඩා කොටසක් පමණක් බවයි. ඒ වගේම පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් වෙනත් විකල්ප තෝරාගන්න අවස්ථාව තිබූ බවත් ඔහු පවසනවා. නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මේ කුහුඹුවන් තුළ සාමාන්‍ය ආහාරයට ගන්නා කෘමීන්ට වඩා 55 ගුණයක බර ලෝහ අඩංගු බවයි. මේ නිසාම අවන්හලට දඩ මුදලක් ගෙවන ලෙසත් නීතිපතිවරුන් ඉල්ලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව සැප්තැම්බර් දෙවැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Discussion & Feedback