ලෝක ප්රකට පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ ‘මයිකල්’ චිත්රපටය මේ වන විට ලොව පුරා තිරගත වෙමින් ඇමරිකානු ඩොලර් බිලියනයක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනවා. ලයන්ස්ගේට් චිත්රපට නිෂ්පාදන ආයතනයක් මෙවැනි සුවිශේෂී මයිල්ගලක් පසු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. සති දොළහක් පුරා සාර්ථකව තිරගත වූ මෙම චිත්රපටය, 2026 වසරේදී බිලියන ආදායම ඉක්මවූ දෙවන චිත්රපටය ලෙසත් ඉතිහාසයට එක් වෙනවා.
ඇන්ටොයින් ෆුකුවාගේ අධ්යක්ෂණයෙන් සහ ග්රැහැම් කිංගේ නිෂ්පාදනයෙන් හැඩවුණු මෙම චිත්රපටය, මීට පෙර වැඩිම ආදායමක් ලැබූ සංගීතමය චිත්රපටය වූ ‘බොහීමියන් රැප්සඩි’ පවා අභිබවා යාමට සමත් වුණා. විශේෂයෙන්ම ජපානය සහ රුසියාව වැනි රටවලින් ලැබුණු ඉහළ ප්රේක්ෂක ප්රතිචාර මෙම ජයග්රහණයට විශාල පිටුවහලක් වුණා. ජාෆාර් ජැක්සන් විසින් මයිකල් ජැක්සන් ලෙස රංගනයෙන් දායක වන මෙම චිත්රපටය, ලොව පුරා සිටින රසිකයන්ගේ ආදරය දිනා ගනිමින් සංස්කෘතික සංසිද්ධියක් බවට පත්වෙලා තියෙනවා.
චිත්රපටයේ අධ්යක්ෂවරයා සහ නිෂ්පාදකවරුන් පවසන්නේ, ලොව පුරා සිටින විවිධ වයස් කාණ්ඩවල රසිකයන් මෙම චිත්රපටය වැළඳ ගැනීම තමන්ට විශාල ගෞරවයක් බවයි. මයිකල් ජැක්සන්ගේ සංගීතමය ජීවිතය සහ ඔහුගේ අසමසම දක්ෂතාවය සිනමාව හරහා නැවත වරක් ලෝකයටම අත්විඳීමට ලැබීම සතුටට කරුණක්. සිනමා ශාලාවලට පැමිණි ප්රේක්ෂකයන් මෙම චිත්රපටය හරහා මයිකල් ජැක්සන්ගේ ප්රසංගයක අත්දැකීමම විඳගන්නා බවයි බොහෝ දෙනා පවසන්නේ.

Discussion & Feedback