අසූව දශකයේ අතිශය ජනප්රිය වුණු ‘Miami Vice’ ටෙලි කතාමාලාව ඇසුරින් නිර්මාණය වන අලුත්ම චිත්රපටයට හොලිවුඩයේ දක්ෂ නළුවෙක් වන ඇල්ඩන් එරන්රිච් එකතු වෙන්නයි සූදානම් වෙන්නේ. මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ජෝසප් කොසින්ස්කි විසින්. මෙහි ප්රධාන චරිත සඳහා මයිකල් බී. ජෝර්ඩන් සහ ඔස්ටින් බට්ලර් දැනටමත් තෝරාගෙන ඉවරයි. ඇත්තටම මේ චිත්රපටය 80 දශකයේ මියාමි නගරයේ තිබුණු සුඛෝපභෝගී බව සහ ඒ වටා තිබුණු දූෂිත පසුබිම ගැන අලුත් විදියකට අපිට බලාගන්න පුළුවන් වෙනවා. මේ වසරේම රූගත කිරීම් ආරම්භ කරන මේ නිර්මාණය 2028 මැයි 19 වෙනිදා ලොව පුරා තිරගත කිරීමට නියමිතයි.
ඇල්ඩන් එරන්රිච් පසුගිය කාලේ තමන්ගේ රංගන කුසලතාවය නිසා ටෝනි සම්මානයකුත් දිනාගත්තා. ඔහුට චිත්රපට සඳහා ආරාධනා අටකට වඩා ලැබුණත්, අවසානයේ ඔහු මේ ‘Miami Vice ’85’ ව්යාපෘතිය තෝරාගත්තේ මයිකල් බී. ජෝර්ඩන් සහ ඔස්ටින් බට්ලර් වගේ දක්ෂ නළුවන් එක්ක වැඩ කරන්න තියෙන කැමැත්ත නිසාමයි. ඇල්ඩන් මීට කලින් ‘Oppenheimer’ වගේ දැවැන්ත චිත්රපටවලත් රඟපාලා තියෙනවා. ඉදිරියේදී ඔහු හෙලන් මිරන් එක්ක ‘A Talent for Murder’ චිත්රපටයෙනුත්, ඩේසි රිඩ්ලි එක්ක ‘The Last Resort’ චිත්රපටයෙනුත් අපිට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ අලුත් චිත්රපටය ගැන රසිකයෝ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.

Discussion & Feedback