කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන මෙට්‍රෝ බස් සේවාව සැප්තැම්බර් මාසයේ අග සිට තවත් පුළුල් කරන්න ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම හරහා අලුත්ම මාර්ග සිතියම් කිහිපයක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මගීන්ට ඉතාමත් ආරක්ෂිතව සහ පහසුවෙන් ගමන් බිමන් යන්න පුළුවන් විදිහට මේ නව බස් සේවාවන් සැලසුම් කරලා තියෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ නමින් හඳුන්වන මේ නව සේවාව යටතේ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ සම්බන්ධ කරමින් ප්‍රධාන මාර්ග හතක් හඳුන්වා දීලා තියෙනවා. මේ යටතේ මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලඹේ, දෙහිවල, මොරටුව සහ ජා-ඇල වගේ ප්‍රධාන ප්‍රදේශ රැසක් ආවරණය වෙනවා. මේ සිතියම් හරහා බස් රථ ගමන් කරන මාර්ග සහ ප්‍රධාන නැවතුම් පොළවල් ගැන මගීන්ට පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්.
කෙසේ වෙතත්, මේ සේවාවන් නිල වශයෙන් ආරම්භ කරන නිශ්චිත දිනයක් හෝ බස් රථ ධාවනය වන වේලාවන් සහ ගාස්තු පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ප්‍රකාශයට පත් කරලා නැහැ. සැප්තැම්බර් අග සිට මේ සේවාවන් ක්‍රියාත්මක වුණාට පස්සේ කොළඹ නගරයේ ගමනාගමන තදබදය අවම කරගන්නත්, මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්නත් හැකි වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback