ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන විදිහට, 2029 වසර වන විට මෙරට මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 500ක් දක්වා ඉහළ නංවන්න රජය කටයුතු කරමින් ඉන්නවා. දැනටමත් අලුතින් ගෙන්වපු මෙට්‍රෝ බස් රථ 104ක් දිවයිනට ලැබිලා තියෙන අතර, ඒවා සැප්තැම්බර් මාසයේ ඉඳන් මගී ප්‍රවාහන සේවයට එකතු කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. දැනට ක්‍රියාත්මක බස් රථ 10 සහ ජපානයෙන් ලැබුණු බස් රථ 7ත් එක්ක එකතු වෙලා, මුළු බස් රථ 121කින් සමන්විත ‘කොළඹ මෙට්‍රෝ නාගරික සුඛෝපභෝගී’ බස් සේවාවක් ඉතා ඉක්මනින්ම ආරම්භ කරන්න පුළුවන් වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දීලා තියෙන්නේ මේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය කොළඹට විතරක් සීමා නොකර, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කරන්න කියලයි. ඒ අනුව, යාපනය ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයකටම මේ සේවාව ලබා දෙන්න රජය බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරලා තියෙන නිසා, නියමිත කාලයට වැඩ කටයුතු අවසන් කිරීමේ වැදගත්කම ගැනත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
මහජන මුදල් කියන්නේ ජනතාවට අයිති දෙයක් නිසා, කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ප්‍රමාද කරන්න කාටවත් අයිතියක් නැහැ කියලා එතුමා සිහිපත් කළා. පාරවල් හදන්න වගේම අනෙකුත් සංවර්ධන වැඩවලට වෙන් කරපු මුදල් හරියටම පාවිච්චි කරලා, නියමිත කාලෙට වැඩ ටික ඉවර කරන්න කියලා සියලුම රාජ්‍ය නිලධාරීන්ට එතුමා උපදෙස් දුන්නා. දේශපාලන නියෝජිතයන් විදිහට මේ ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරන්තරයෙන්ම අධීක්ෂණය කරන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කළා.

Discussion & Feedback