මීට වසර දෙකකට කලින් ඇමරිකාවේ නිව් ජර්සි ප්රාන්තයේ නිවසක වහලය සිදුරු කරගෙන අමුතුම ආකාරයේ උල්කාපාතයක් කඩා වැටුණා. කිලෝග්රෑම් 50ක් විතර බර මේ ගල් කුට්ටිය වැටෙනකොට ලොකු ශබ්දයක් එක්ක මුළු ප්රදේශයම දෙදරලා ගියා. මේ සිදුවීම ගැන පර්යේෂණ කරපු විද්යාඥයන්ට පුදුම හිතෙන කරුණු කිහිපයක් හොයාගන්න ලැබුණා. මේ උල්කාපාතය ඇවිත් තියෙන්නේ අභ්යවකාශයේ තියෙන ලුණු සහිත ජලය තියෙන ග්රහකයකින් කියලා තමයි දැන් තහවුරු වෙලා තියෙන්නේ. විශේෂම දේ තමයි, මේ ගල් කැබලි වැටුණු ගමන්ම ඒ නිවසේ අයිතිකරු ඉතාම බුද්ධිමත්ව අත්වැසුම් දාගෙන ඒවා භාජනවලට දාලා ආරක්ෂා කරගැනීම. ඒ නිසා මේ සාම්පල කිසිම අපවිත්ර වීමක් නැතුව විද්යාඥයන්ට පරීක්ෂා කරන්න ලැබුණා.
මේ උල්කාපාතය ඇතුලේ ජීවයේ මූලාරම්භයට හේතු වෙන්න පුළුවන් කාබනික සංයෝග සහ ඇමයිනෝ අම්ල බහුලව තියෙනවා කියලා පර්යේෂකයන් කියනවා. සාමාන්යයෙන් උල්කාපාතවල දකින්න ලැබෙන දේවල්වලට වඩා මේක වෙනස්. මේකේ තියෙන ලුණු සහිත ජල බිඳිතිවලින් පෙන්නුම් කරන්නේ, මේ ග්රහකයේ තිබුණු රසායනික ප්රතික්රියා මගින් පෘථිවියේ ජීවය ඇති වෙන්න අවශ්ය මූලික පසුබිම හැදුණු ආකාරය ගැන ඉඟි ලැබෙනවා කියලයි. මේ වගේ උල්කාපාතයක් පෘථිවියට ලැබුණේ දෙවැනි වතාවට විතරයි. ඒ නිසා මේ සොයාගැනීම අභ්යවකාශ විද්යාවේ ලොකු පෙරළියක් කරාවි කියලා විද්යාඥයන් විශ්වාස කරනවා.

Discussion & Feedback