Meta සමාගම විසින් හඳුන්වා දුන් අලුත්ම AI ඇප් එක වන ‘Muse’ මේ වන විට ලොව පුරා විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. Apptopia ආයතනය නිකුත් කරපු නවතම දත්තවලට අනුව, ChatGPT ඇප් එක නිකුත් කරපු මුල් දින 12 තුළ ලබාගත්ත ජනප්‍රියත්වය පවා අභිබවා යන්න Muse ඇප් එකට හැකිවෙලා තියෙනවා. ඇමරිකාව සහ කැනඩාව වැනි රටවල් ඉලක්ක කරගෙන සිදුකළ මේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ, Muse ඇප් එකේ දෛනික ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාව ChatGPT මුල් කාලයේ තිබූ අගයට වඩා ඉතා ඉහළ මට්ටමක පවතින බවයි. විශේෂයෙන්ම iOS සහ ඇන්ඩ්‍රොයිඩ් යන වේදිකා දෙකෙහිම මෙය ලබාගත හැකි වීම මෙහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.
Meta සමාගම සතු Instagram, Facebook සහ WhatsApp වැනි දැවැන්ත වේදිකා සමඟ Muse ඇප් එක සම්බන්ධ කර තිබීම නිසා, ඉතා කෙටි කාලයකින් මිලියන ගණනක පරිශීලකයන් පිරිසක් ආකර්ෂණය කරගන්න ඔවුන්ට පුළුවන් වුණා. දැනටමත් Muse භාවිතා කරන අයගෙන් 95%ක්ම Facebook පරිශීලකයන් වීමෙන් පෙනී යන්නේ Meta සමාගමේ හරස් ප්‍රවර්ධන උපාය මාර්ගය කොතරම් සාර්ථකද කියන එකයි. ඉදිරියේදී Threads ඇප් එක මෙන්ම Muse ඇප් එකත් Meta සමාගමේ තවත් එක් ප්රබලතම නිෂ්පාදනයක් බවට පත්වනු ඇති බවටයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් Meta සමාගම තවමත් නිල වශයෙන් කිසිදු දත්තයක් ප්‍රසිද්ධ කරලා නැහැ.

Discussion & Feedback