මෙටා සමාගමේ නවතම AI සහායකයා වන ‘Muse’ භාවිතා කරලා ඇමසන් (Amazon) වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගන්න උත්සාහ කරපු පරිශීලකයින්ට පසුගිය ඉරිදා රාත්රියේ ඉඳන් අමුතුම ආකාරයේ දෝෂ පණිවිඩයක් දකින්න ලැබුණා. ඒ පණිවිඩයේ සඳහන් වෙලා තිබුණේ, අවසර නොලත් AI නියෝජිතයෙක් හරහා ඇමසන් වෙබ් අඩවියට පිවිසීම ඔවුන්ගේ භාවිත නියමයන් උල්ලංඝනය කිරීමක් බවයි. ඒ නිසා දැන් Muse හරහා ඇමසන් එකෙන් බඩු ගන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.
මේක තාක්ෂණික දැවැන්තයින් දෙපළක් අතර ඇති වුණු ගැටුමක් විදිහට පෙනුනත්, ඇමසන් සමාගම මෙහෙම තීරණයක් ගත්තේ ප්රායෝගික හේතු කිහිපයක් නිසා වෙන්න පුළුවන්. AI තාක්ෂණය කොච්චර දියුණු වුණත්, ඒ හරහා වැරදි ඇණවුමක් සිද්ධ වුණොත් ඒකේ වගකීම සහ පාරිභෝගිකයින්ගේ පැමිණිලි බාරගන්න වෙන්නේ ඇමසන් සමාගමටයි. AI ආකෘතිවල තවමත් යම් යම් දෝෂ සහ වැරදි තොරතුරු (hallucinations) සිදුවීමේ ඉඩකඩ තියෙන නිසා, මේ වගේ ස්වයංක්රීය මිලදී ගැනීම් සඳහා තවමත් ඔවුන් සූදානම් නැති බවයි පෙනී යන්නේ.
ඇමසන් සමාගමට තමන්ගේම AI ආකෘති තියෙන නිසා, වෙනත් සමාගමක AI එකකට තමන්ගේ වේදිකාව තුළ මෙහෙයුම් කරන්න ඉඩ දීම ඔවුන්ට වාසිදායක දෙයක් නෙවෙයි. කොහොම වුණත්, අනාගතයේදී මේ වගේ ස්වයංක්රීය සාප්පු සවාරි ක්රමවේදයන් තවත් දියුණු වුණාට පස්සේ ඇමසන් සමාගම මේ තීරණය වෙනස් කරයිද කියලා අපිට බලාගෙන ඉන්න වෙනවා.

Discussion & Feedback