මෑතකදී ඕස්ට්රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්රාන්තයේ ෆොරස්ට් බීච් වෙරළ තීරයෙන් අභිරහස් ලෝහමය ගෝල කිහිපයක් හමුවීමත් සමඟ අභ්යවකාශ සුන්බුන් පිළිබඳව ලෝකයම කතාබහ කරන්න පටන් අරන්. මේවා අභ්යවකාශ යානයක පීඩන යාත්රා (pressure vessels) විය හැකි බවටයි ඕස්ට්රේලියානු අභ්යවකාශ ඒජන්සිය සැක කරන්නේ. මේ වගේ දේවල් අහසින් වැටෙන එක අලුත් දෙයක් නෙවෙයි. මීට කලිනුත් ස්කයිලැබ් වගේ අභ්යවකාශ මධ්යස්ථානවල කොටස් සහ විවිධ රොකට්වල සුන්බුන් ඕස්ට්රේලියාවට වැටී තිබෙනවා. මේ වතාවේ හමුවූ ගෝල හය ආරක්ෂිතව ඉවත් කර ගැනීමට ගිනි නිවන භටයන් සහ විද්යාඥයන් කටයුතු කළ අතර, මහජන ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට මීටර් 50ක පමණ තහනම් කලාපයක් පවා නම් කර තිබුණා.
විශේෂඥයන් පවසන විදිහට මේ වගේ ලෝහමය ගෝල ටයිටේනියම් වැනි ද්රව්යවලින් නිපදවන නිසා, වායුගෝලයට ඇතුළු වීමේදී ඇතිවන අධික උෂ්ණත්වය දරාගෙන විනාශ නොවී පෘථිවියට පතිත වීමේ හැකියාව වැඩියි. මේවා සාමාන්ය ලෝහ කැබලිවලට වඩා සෙමින් පහළට වැටෙන නිසා බොහෝ විට හානියක් නොවී බිමට පතිත වෙනවා. කෙසේ වෙතත්, අභ්යවකාශ ඒජන්සි සහ රොකට් දියත් කරන ආයතන මේ ගැන වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ. අහඹු ලෙස අභ්යවකාශ සුන්බුන් පෘථිවියට කඩා වැටීමට ඉඩ නොදී, පාලනය කළ හැකි ආකාරයෙන් ඒවා මුහුදට හෝ ජනාවාස නොමැති ප්රදේශවලට පතිත කරවීමට පියවර ගැනීම අත්යවශ්යයි. මේ සිදුවීමෙන් පෙනී යන්නේ අභ්යවකාශයේ අප විසින් ඉතිරි කරන සුන්බුන් පෘථිවියේ ජීවත් වන අපට කෙතරම් බලපෑමක් විය හැකිද යන්නයි.

Discussion & Feedback