වීඩියෝ ගේම් ලෝකයේ දැවැන්ත නාමයක් වන Metal Gear Solid මාලාව ගැන රසිකයන් අතර තිබුණේ ලොකු කුතුහලයක්. විශේෂයෙන්ම හයිඩියෝ කොජිමා කොනාමි ආයතනයෙන් ඉවත් වීමෙන් පසුව මේ ගේම් මාලාවේ අනාගතය ගැන බොහෝ දෙනෙක් හිටියේ සැකයෙන්. ඒත් දැන් කොනාමි ආයතනය රසිකයන්ව සතුටු කරමින් ‘Metal Gear Solid: Master Collection Vol. 2’ නමින් අලුත්ම එකතුවක් එළිදක්වන්න සූදානම් වෙනවා. මේ එකතුව හරහා Metal Gear Solid 4: Guns of the Patriots සහ Metal Gear Solid: Peace Walker වැනි ජනප්රිය ගේම්ස් නැවතත් අත්විඳින්න ඔයාලට පුළුවන්.
මේ අලුත් එකතුවට අමතරව, ගේම් එකේ කතාව සහ චරිත ගැන විස්තර ඇතුළත් පොත්පත් වගේම, රසිකයන් අතර ජනප්රිය වුණු සංගීත ඛණ්ඩ ඇතුළත් ඩිජිටල් සවුන්ඩ් ට්රැක් එකකුත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, 2000 වසරේ නිකුත් වුණු Metal Gear: Ghost Babel ගේම් එකත් මේ පැකේජයට ඇතුළත් කරලා තියෙනවා. දැනටමත් මේ සඳහා පෙර ඇණවුම් (pre-orders) භාරගන්නා අතර, අගෝස්තු 27 වැනිදා සිට මෙය මිලදී ගන්න පුළුවන්. කොනාමි ආයතනය මේ දිනවල තවත් අලුත් ගේම්ස් කිහිපයක්ම එළිදක්වන්න සූදානම් වෙන නිසා, ඉදිරියේදී ඔවුන්ගෙන් තවත් විශාල වෙනස්කම් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback