ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන නව නීති රීතිවලට අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන මෙටා සමාගම පවසන්නේ, පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ පමණක් සැකකටයුතු ගිණුම් 756,000ක් පමණ ඉවත් කිරීමට ඔවුන් පියවර ගත් බවයි. මෙයින් ඉන්ස්ටග්‍රෑම් ගිණුම් 462,000ක් සහ ෆේස්බුක් ගිණුම් 294,000ක් අඩංගු වෙනවා. දරුවන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය මෙම දැඩි නීති හඳුන්වා දුන් අතර, එයට අනුකූල වීමට සමාගම්වලට සිදුව තිබෙනවා.
මෙටා සමාගම පවසන පරිදි, කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණය භාවිත කරමින් පාසල් ශ්‍රේණි හෝ උපන් දින සැමරුම් වැනි දේ විශ්ලේෂණය කිරීමෙන් මෙම ගිණුම් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ තවමත් බොහෝ දරුවන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන බවයි. මේ නිසා නීති කඩ කරන සමාගම්වලට එරෙහිව පනවන දඩ මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 99 දක්වා දෙගුණ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විමර්ශන පැවැත්වීමට නියමිත අතර, සමාජ මාධ්‍ය සමාගම්වලට තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback