ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමයින්ව ඇබ්බැහි කරවීම සහ ඔවුන්ගේ පෞද්ගලික දත්ත අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එල්ල වූ දැඩි චෝදනා හමුවේ, මෙටා සමාගම ඇමරිකානු ඩොලර් බිලියන 16.68ක විශාල වන්දියක් ගෙවීමට එකඟ වෙලා තියෙනවා. ඇමරිකානු ප්‍රාන්ත 29ක් විසින් ගොනු කළ මෙම නඩුවෙන් පසුව, සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දැඩි නීති රීති හඳුන්වා දීමටත් මෙටා ආයතනය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම ළමයින්ට දිනපතා සමාජ මාධ්‍ය භාවිතා කළ හැකි කාල සීමාවන් සීමා කිරීම සහ රාත්‍රී කාලයේදී එම වේදිකා වෙත පිවිසීම සීමා කිරීම වැනි පියවර රැසක් මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම නඩුවෙන් පසුව මෙටා සමාගම තමන් කිසිදු වරදක් කර නැති බව ප්‍රකාශ කළත්, ළමයින්ගේ මානසික සෞඛ්‍යයට හානි වන අයුරින් වේදිකා නිර්මාණය කර ඇති බවට එල්ල වූ චෝදනා බරපතළයි. මීට අමතරව, කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියට අදාළ පෞද්ගලිකත්ව නඩු විසඳීම සඳහා තවත් අමතර මුදලක් ගෙවීමටත් සමාගම එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙටා පමණක් නොව ස්නැප්චැට්, යූටියුබ් සහ ටික්ටොක් වැනි සමාගම්වලටත් තවමත් දහස් ගණනක් නඩු පැවරී තිබෙනවා. සමාජ මාධ්‍යවලින් ළමයින්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් ලෝකය පුරාම දැන් ලොකු කතාබහක් ඇති වෙලා තියෙන නිසා, ඉදිරියේදී මේ සමාගම්වලට තවත් දැඩි නීතිමය අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි.

Discussion & Feedback