Meta සමාගම විසින් ඔවුන්ගේ Muse AI ඇප් එක සඳහා අලුත්ම විශේෂාංග රැසක් පසුගියදා හඳුන්වා දුන්නා. මේ අලුත් දේවල් සාමාන්‍ය පරිශීලකයන්ට ලැබෙන්න කලින් මුලින්ම අත්හදා බලන්න කැමති අයට දැන් ‘Early Access’ වැඩසටහන හරහා ලියාපදිංචි වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ Muse ඇප් එකට ගිහින් “Can you let the Muse team know I want to be part of the Muse early access program?” කියන පණිවිඩය ලබා දීම විතරයි. මේ විදිහට AI තාක්ෂණයට උනන්දුවක් දක්වන පිරිසක් හරහා අලුත් විශේෂාංග පරීක්ෂා කරලා, ඒවා තවත් දියුණු කරන්න Meta සමාගම බලාපොරොත්තු වෙනවා.
Meta Connect 2026 සමුළුවේදී ඔවුන් මේ ගැන වැඩිදුර තොරතුරු අනාවරණය කළා. විශේෂයෙන්ම Muse සඳහා වීඩියෝ ඇමතුම් ගන්න පුළුවන් ඩිජිටල් අවතාරයක්, අලුත් සාප්පු සවාරි පහසුකම් සහ Mac පරිගණක හරහා විවිධ කාර්යයන් ස්වයංක්‍රීයව කරගන්න පුළුවන් විශේෂාංග රැසක් ඉදිරියේදී බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Meta සමාගමේ AI කණ්නාඩි (AI glasses) සඳහාත් Muse තාක්ෂණය එකතු කරන නිසා, ඔබට කතා කිරීමෙන්ම පමණක් ඕනෑම විධානයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. තාක්ෂණික ලෝකයේ මේ වෙනස්කම් එක්ක Muse ඇප් එක තවත් දියුණු මට්ටමකට එන බව නම් පැහැදිලියි. ඉතින් ඔබත් තාක්ෂණයට ආස කෙනෙක් නම්, මේ අලුත් අත්දැකීම මුලින්ම ලබාගන්න දැන්ම ලියාපදිංචි වෙන්න.

Discussion & Feedback