දැන් Meta සමාගම විසින් නව ආරක්ෂක පියවරක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, යම්කිසි නව යොවුන් වියේ දරුවෙක් Meta AI චැට්බෝට් එක සමඟ සියදිවි නසාගැනීම හෝ තමන්ටම හානි කර ගැනීම වැනි දේවල් ගැන කතා කළොත්, ඒ ගැන වහාම දෙමාපියන්ට දැනුම් දීමට ඔවුන් කටයුතු කරනවා. මේ පියවර ගෙන තිබෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්. විශේෂයෙන්ම, මෙවැනි සංවාදයක් හඳුනාගත් විට එය වහාම අතින් පරීක්ෂා කර බලා, අවදානමක් ඇතැයි හැඟේ නම් පමණක් දෙමාපියන්ට ඒ පිළිබඳව දැනුම් දෙනවා. මේ වන විට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව වැනි රටවල මේ පහසුකම ක්‍රියාත්මක වන අතර, මේ වසර අවසානය වන විට ලොව පුරාම මෙය ලබා දීමට Meta බලාපොරොත්තු වෙනවා.
මීට අමතරව, යම් පරිශීලකයෙක් තමන්ටම හානි කර ගැනීමේ දැඩි අවදානමක සිටින බව AI එකට හඳුනාගත හැකි වුවහොත්, වහාම හදිසි සේවා අමතා සහාය ලබා දීමටත් Meta කටයුතු කරනවා. ඒ වගේම, දෙමාපියන්ට තම දරුවන්ගේ Instagram ගිණුම් පාලනය කිරීමට ඇති ‘Parental Supervision’ පහසුකම යටතේ, දරුවන් AI සමඟ කරන සංවාද පිළිබඳව වඩාත් අවධානයෙන් සිටීමටත් දැන් හැකියාව ලැබෙනවා. දරුවන්ගේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කරමින්, අන්තර්ජාලය තුළ ඔවුන්ව ආරක්ෂිතව තබා ගැනීමට මේ නව තාක්ෂණික වෙනස්කම් බෙහෙවින් වැදගත් වේවි.

Discussion & Feedback