මේ දවස්වල AI තාක්ෂණය පැත්තෙන් ලොකු තරගයක් තියෙනවනේ. ඉතින් ඒ තරගයට අලුතින්ම එකතු වෙන්න මෙටා සමාගම තීරණය කරලා තියෙනවා. ඔවුන් අලුතින්ම හඳුන්වා දුන්නා ‘Muse Code’ කියලා AI ඒජන්ට් කෙනෙක්. මේක විශේෂයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ලොකු මෘදුකාංග කේත (code bases) එක්ක වැඩ කරන ප්‍රෝග්‍රෑම් කරන අයට උදව් වෙන්නයි. මාර්ක් සකර්බර්ග් කියන විදිහට මේකෙන් මෘදුකාංග ඉංජිනේරු වැඩ ගොඩක් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ කියන්නේ කේත ලියන එක විතරක් නෙවෙයි, වෙනස්කම් සැලසුම් කරන එක සහ ප්‍රතිඵල පරීක්ෂා කරන එක වගේ දේවල් මේකෙන් ස්වයංක්‍රීයවම කරගන්න පුළුවන්.
මේ Muse Code එකේ තියෙන විශේෂම දේ තමයි ඒක වැඩ කරන විදිහ. ලොකු වැඩක් ආවම මේක ඒ වැඩේ කොටස් වලට බෙදලා වෙනම උප ඒජන්ට්ලා කීප දෙනෙක් ලවා එකපාරටම වැඩේ කරගන්නවා. ඒ නිසා ඔරිජිනල් කේත වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගේම් එකක ෆීචර්ස් හයක් එකපාරටම කිසිම ගැටලුවක් නැතුව මේකෙන් හදලා පෙන්නලා තියෙනවා. දැනට මේක බීටා (beta) අදියරේ තමයි තියෙන්නේ.
OpenAI සහ ඇන්ත්‍රොපික් වගේ සමාගම් එක්ක තරග කරන්න මෙටා මේ පියවර ගත්තේ. විශේෂයෙන්ම වියදම අඩු, කාර්යක්ෂම විකල්පයක් විදිහට මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා තමයි මෙටා සමාගමේ AI අංශයේ ප්‍රධානීන් කියන්නේ. ඉතින් මෘදුකාංග ක්ෂේත්රයේ ඉන්න අයට නම් මේක ඇත්තටම හොඳ ආරංචියක් වේවි.

Discussion & Feedback