මෙටා සමාගම සහ එසිලෝර් ලුසොටිකා (EssilorLuxottica) එකතු වෙලා අලුත්ම AI ස්මාර්ට් කණ්ණාඩි පෙළක් වෙළඳපොළට නිකුත් කරන්න පියවර අරගෙන තියෙනවා. කලින් ආපු රේ-බෑන් (Ray-Ban) ස්මාර්ට් කණ්ණාඩිවලට වඩා මේවා ගොඩක් අඩු මිලකට තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. මේ අලුත් කණ්ණාඩිවල මූලික මිල ඇමරිකානු ඩොලර් 299ක් විතරයි. විශේෂම දේ තමයි, මේවා කිසිම ප්‍රසිද්ධ වෙළඳ නාමයකට සම්බන්ධ නැතිව, මෙටා සමාගමේම නිර්මාණයක් විදිහට එළිදැක්වීම. මේ කණ්ණාඩි විවිධ වර්ණවලින් සහ හැඩයන්ගෙන් යුක්ත වෙනවා වගේම, ප්‍රසිද්ධ මාධ්‍ය පෞරුෂයක් වන කයිලි ජෙනර් එක්ක එකතු වෙලා හදපු විශේෂ මෝස්තර පවා මේ අතර තියෙනවා.
මේ කණ්ණාඩිවල තියෙන තවත් විශේෂත්වයක් තමයි මෙටා සමාගමේ ‘Superintelligence Labs’ එකෙන් හදපු ‘Muse Spark’ තාක්ෂණයෙන් බලගැන්වෙන Meta AI පහසුකම මේවාට ඇතුළත් කරලා තියෙන එක. මේ හරහා පරිශීලකයන්ට AI එක්ක පහසුවෙන් අන්තර්ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. දැනටමත් ස්මාර්ට් කණ්ණාඩි වෙළඳපොළේ 76%කට වඩා වැඩි ප්‍රමාණයක් අයිති වෙලා ඉන්නේ මෙටා සමාගමටයි. ස්නැප් (Snap) වගේ සමාගම් තමන්ගේ AR කණ්ණාඩි ඉතා ඉහළ මිලකට නිකුත් කරද්දී, මෙටා සමාගම මෙහෙම අඩු මිලකට මේ තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න උත්සාහ කරන එක ඇත්තටම අගය කරන්න ඕනේ දෙයක්. ඉදිරියේදී ගූගල් සහ ඇපල් වගේ සමාගම්වලටත් මේ තරඟකාරී වෙළඳපොළේ රැඳී ඉන්න නම් මෙටා සමාගමේ මේ පියවර ලොකු අභියෝගයක් වේවි.

Discussion & Feedback