Meta සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම කෘත්‍රිම බුද්ධි (AI) රූප නිර්මාණ මෙවලම වන ‘Muse Image’ පසුගියදා එළිදැක්වුවා. මේ හරහා පරිශීලකයන්ට ඉතා පහසුවෙන් විවිධ රූප නිර්මාණය කරගන්න පුළුවන් වගේම, Facebook Marketplace වැනි දේවල් සඳහාත් මෙය යොදාගන්න පුළුවන්. නමුත් මේ වන විට මේ තාක්ෂණය සම්බන්ධයෙන් ලොකු විවේචනයක් මතුවෙලා තියෙනවා. විශේෂයෙන්ම, ඕනෑම කෙනෙකුගේ පොදු (Public) ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයක් ටැග් කිරීම හරහා එම ඡායාරූපය යොදාගෙන අලුත් AI රූප නිර්මාණය කිරීමට වෙනත් අයට අවස්ථාව ලැබීම බොහෝ දෙනාගේ දැඩි විවේචනයට ලක්වෙලා තියෙනවා. මේක පුද්ගලිකත්වයට ලොකු තර්ජනයක් බවයි බොහෝ පරිශීලකයන් පවසන්නේ.
Meta සමාගම පවසන්නේ පරිශීලකයන්ට අවශ්‍ය නම් මේ පහසුකම අක්‍රිය කරගැනීමේ හැකියාව තියෙන බවයි. නමුත් මේක පෙරනිමියෙන් (Default) ක්‍රියාත්මක වී තිබීම බොහෝ දෙනාගේ නොසතුටට හේතු වෙලා තියෙනවා. මීට පෙරත් දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ගැටලුවලට මුහුණ දුන් Meta සමාගම, මෙවැනි පියවරක් ගැනීම හරහා නැවතත් පරිශීලකයන්ගේ විශ්වාසය පළුදු කරගන්නා බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, ඉදිරියේදී ‘Muse Video’ නමින් වීඩියෝ නිර්මාණය කරන AI මෙවලමක් ද හඳුන්වා දීමට ඔවුන් සැලසුම් කරමින් සිටිනවා. මේ තාක්ෂණයන් දියුණු වුවත්, පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සමාගම ගන්නා තීරණ ගැන පරිශීලකයන් තවමත් ඉන්නේ සැකයකින්.

Discussion & Feedback