මේ දිනවල තාක්ෂණික ලෝකයේ වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්වෙලා තියෙන්නේ Meta සමාගම විසින් හඳුන්වා දුන් Muse AI යෙදුමයි. පසුගිය සැප්තැම්බර් 8 වැනිදා එළිදැක්වූ මෙම යෙදුම ඉතා කෙටි කාලයක් තුළ මිලියන ගණනකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම Meta Connect සමුළුවේදී මෙම යෙදුම පිළිබඳව සිදුකළ ප්රචාරණයත් සමඟ එහි ජනප්‍රියත්වය තවත් ඉහළ ගියා. දැනට ලැබෙන දත්තවලට අනුව, ඇමරිකාව සහ කැනඩාව තුළ පමණක් ක්‍රියාත්මක වන මෙම යෙදුම මිලියන 3.4කට අධික පිරිසක් බාගත කරගෙන තිබෙනවා. ChatGPT වැනි දැවැන්තයන් පවා අභිබවා යමින් දිනෙන් දින මෙහි පරිශීලකයන් සංඛ්‍යාව වේගයෙන් වර්ධනය වීම විශේෂත්වයක්.
Meta සමාගම විසින් ඔවුන්ගේ Facebook සහ Instagram හරහා සිදුකරන ප්‍රචාරණ කටයුතු Muse හි සාර්ථකත්වයට විශාල පිටුවහලක් වෙලා තියෙනවා. කෙසේ වෙතත්, මෙය හුදෙක් ප්‍රචාරණය නිසාම සිදුවූවක් නොවෙයි; Muse හි ඇති දියුණු AI තාක්ෂණය සහ පරිශීලකයන්ට පහසුවෙන් භාවිතා කළ හැකි අයුරින් නිර්මාණය කර තිබීම මෙහි සාර්ථකත්වයේ රහසයි. ඉදිරියේදී වීඩියෝ චැට් පහසුකම්, මැක් පරිගණක සඳහා සහය සහ ස්මාර්ට් කණ්ණාඩි සමඟ සම්බන්ධ වීමේ හැකියාව වැනි නව විශේෂාංග රැසක් Muse වෙත එක් කිරීමට Meta සැලසුම් කර තිබෙනවා. මේ වන විටත් ඇමරිකාවේ සහ කැනඩාවේ App Store සහ Google Play Store හි ඉහළම ස්ථානවල රැඳී සිටීමට Muse සමත්ව තිබීමෙන් පෙනී යන්නේ ඉදිරි කාලයේදී මෙම AI යෙදුම තවත් බොහෝ දේ සිදුකරනු ඇති බවයි.

Discussion & Feedback