මෙටා සමාගමේ ඉන්දියාව සහ අග්නිදිග ආසියානු කලාපයේ උප සභාපතිනිය ලෙස කටයුතු කළ සන්ධ්‍යා දේවනාදන් එම ධුරයෙන් ඉල්ලා අස්වී OpenAI ආයතනය සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. ඇය මීට පෙර වසර දහයකට වැඩි කාලයක් මෙටා සමාගම තුළ විවිධ තනතුරු හොබවමින් අත්දැකීම් ලබාගත් අයෙක්. OpenAI ආයතනය ඇයව සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති අතර, ආසියා පැසිෆික් කලාපයේ පාරිභෝගික වර්ධනය, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සහ නියාමන කටයුතු පිළිබඳ වගකීම් ඇයට පැවරෙනු ඇති. මීට දින කිහිපයකට පෙර උබර් සමාගමේ හිටපු ප්‍රධානියෙකු වූ ප්රභාජීත් සිං ද OpenAI ඉන්දීය ශාඛාවේ ප්‍රධානියා ලෙස එක්වීම විශේෂත්වයක්.
මෙම වෙනස සිදුවන්නේ මෙටා සමාගම ඉන්දියාව තුළ දැඩි අභියෝගවලට මුහුණ දී සිටින පසුබිමකයි. විශේෂයෙන්ම අන්තර්ජාල ආරක්ෂාව, අන්තර්ගතයන් පාලනය කිරීම සහ ළමා අපයෝජන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන්දීය රජය මෙටා සමාගම වෙත නිරන්තරයෙන් පීඩනය එල්ල කරමින් සිටිනවා. මෑතකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ පෝස්ට් එකක් වැරදීමකින් ඉන්ස්ටග්‍රෑම් හරහා සීමා කිරීම වැනි සිදුවීම් නිසා සමාගමේ ඉහළ නිලධාරීන්ට රජයේ කැඳවීම් පවා ලැබුණා. මෙවැනි සංකීර්ණ වාතාවරණයක් තුළ සන්ධ්‍යා දේවනාදන්ගේ ඉවත්වීම මෙටා සමාගමට විශාල පාඩුවක් වනු ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ විචාරකයින් පවසන්නේ. ඇයගේ ඉවත්වීමෙන් පසු මෙටා ඉන්දියාවේ කළමනාකරණ කටයුතු අරුන් ශ්‍රීනිවාස් විසින් මෙහෙයවනු ලබනවා.

Discussion & Feedback