ප්‍රකට අධ්‍යක්ෂක ඇලෙක්ස් ගිබ්නි විසින් එලොන් මස්ක් ගැන නිර්මාණය කර ඇති නවතම වාර්තා චිත්‍රපටයේ දැන්වීම් ප්‍රචාරණය කිරීම මුලින් ප්‍රතික්ෂේප කළත්, මේ වන විට Meta සහ YouTube සමාගම් ඒ සඳහා අවසර ලබා දී තිබෙනවා. මුලදී මෙම සමාගම් ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා කිහිපයක්ම මෙම චිත්‍රපටයේ ට්‍රේලරය ප්‍රචාරණය කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ එය දේශපාලනික අන්තර්ගතයක් ලෙස සලකමිනුයි. කෙසේ වෙතත්, මෙය තාක්ෂණික දෝෂයක් බව පවසමින් Meta සමාගම දැන් එම දැන්වීම් නැවත ක්‍රියාත්මක කර ඇති අතර, YouTube සමාගමද තම පද්ධතියේ තිබූ තාවකාලික සීමා කිරීම් ඉවත් කරමින් දැන්වීම් ප්‍රචාරණයට අවසර ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත්, එලොන් මස්ක්ටම අයත් වන X සමාගම තවමත් මෙම චිත්‍රපටය ප්‍රචාරණය කිරීමට කිසිදු කැමැත්තක් දක්වා නැහැ. මස්ක් විසින්ම මෙම වාර්තා චිත්‍රපටය සහ එහි අධ්‍යක්ෂකවරයා දැඩි ලෙස විවේචනය කර තිබීම ඊට හේතුවක් ලෙස සැලකෙනවා. වැනීසිය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය වූ මෙම වාර්තා චිත්‍රපටය මේ වන විටත් විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක්ව තිබෙනවා. මස්ක්ගේ පෞද්ගලික ජීවිතය, ව්‍යාපාරික ගමන සහ දේශපාලනික සබඳතා ගැන ඉතා විවෘතව සාකච්ඡා කෙරෙන මෙම නිර්මාණය ඔක්තෝබර් 9 වැනිදා සිට සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.
මෙම වාර්තා චිත්‍රපටය පිළිබඳව ලෝකය පුරා විශාල කතාබහක් ඇති වී තිබෙන අතර, ඇතැම් චිත්‍රපට බෙදාහරින ආයතන පවා දේශපාලනික බලපෑම්වලට බියෙන් මෙම චිත්‍රපටය බෙදාහැරීම සම්බන්ධයෙන් දෙගිඩියාවකින් පසුවන බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත්, Rotten Tomatoes වෙබ් අඩවියේ 100%ක සාධනීය ප්‍රතිචාර ලබා ගනිමින් මෙම චිත්‍රපටය මේ වන විටත් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන අවසන්.

Discussion & Feedback