අභ්‍යවකාශ ඡායාරූප ශිල්පියෙක් වන මාර්ක් ජොන්ස්ටන් විසින් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ නිවසේ සිට සූර්යයාගේ ඉතාමත් අපූරු දසුනක් කැමරාවේ සටහන් කරගෙන තියෙනවා. මේ දසුනෙන් දැකගන්න ලැබෙන්නේ සූර්යයාගේ චුම්භක ක්ෂේත්රය නිසා නිර්මාණය වුණු උණුසුම් ප්ලාස්මා වායු වළලු කිහිපයක් සූර්යයාගේ දාරය අසලින් ඉහළට විහිදී යන ආකාරයයි. මේවා විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘කොරෝනල් ලූප් ආකේඩ්’ (coronal loop arcade) කියලයි. පැය දෙකකට වැඩි කාලයක් පුරා ඔහු මේ දසුන වීඩියෝ ගත කරලා තියෙනවා.
මේ වීඩියෝවේ විශේෂත්වය තමයි ප්ලාස්මා වායු වළලු තුළ සිදුවන චලනයන් ඉතා පැහැදිලිව දැකගන්න ලැබීම. විශේෂයෙන්ම සිසිල් වන ප්ලාස්මා වායු නැවතත් සූර්යයාගේ මතුපිටට වැටෙන ‘කොරෝනල් වැසි’ (coronal rain) දසුන ඉතාමත් සිත්ගන්නාසුලුයි. මේ සඳහා ඔහු හයිඩ්රජන්-ඇල්ෆා තාක්ෂණයෙන් යුත් විශේෂිත උපකරණ භාවිතා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි දසුනක් මෙතරම් පැහැදිලිව දැකගන්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. ජොන්ස්ටන් කියන විදියට ඔහු නිතරම නාසා ආයතනයේ සූර්ය නිරීක්ෂණ දත්ත පරීක්ෂා කරන නිසා තමයි මේ වගේ දුර්ලභ දසුනක් අහම්බෙන් හරි අල්ලාගන්න පුළුවන් වුණේ. ඇත්තටම මේක අභ්‍යවකාශ ලෝලීන්ගේ සිත් ඇදගන්නා සුළු අපූරු අත්දැකීමක්.

Discussion & Feedback