ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනාගත් ‘ද ඩෙවිල් වෙයාර්ස් ප්රාඩා 2’ චිත්රපටයේ චරිත සැරසුණු සුපිරි ඇඳුම් පැළඳුම් කට්ටලයක් වෙන්දේසි කිරීමට ප්රවීණ නිළි මෙරිල් ස්ට්රීප් තීරණය කරලා තියෙනවා. මේ වෙන්දේසිය සැප්තැම්බර් 1 වැනිදා සිට 15 වැනිදා දක්වා Christie’s වෙබ් අඩවිය හරහා ඔන්ලයින් ක්රමයට පැවැත්වෙනවා. මෙයින් ලැබෙන මුදල් ‘මාධ්යවේදීන් සුරැකීමේ කමිටුව’ (CPJ) සහ ‘ඇමරිකානු විලාසිතා නිර්මාණකරුවන්ගේ කවුන්සිලය’ (CFDA) වෙනුවෙන් පරිත්යාග කිරීමටයි ඇය බලාපොරොත්තු වෙන්නේ.
මේ වෙන්දේසියේදී චිත්රපටයේ මිරැන්ඩා ප්රීස්ලි ඇඳපු Dries Van Noten ජැකට් එක, ලේඩි ගාගා පැළඳි විශේෂ ඇඳුම් සහ ඇන්ඩි සැක්ස්ගේ ප්රසිද්ධ ‘සෙරූලියන්’ ස්වීටරය වගේ වටිනා ඇඳුම් රැසක් මිලදී ගන්න රසිකයින්ට අවස්ථාව ලැබෙනවා. සැප්තැම්බර් 8 සිට 13 දක්වා නිව්යෝර්ක් නුවර Christie’s ප්රදර්ශනාගාරයේදී මේ ඇඳුම් ප්රදර්ශනය කිරීමටත් කටයුතු යොදා තියෙනවා. සත්යය සහ අලංකාරය වෙනුවෙන් එකතු වෙන්න කියලා මෙරිල් ස්ට්රීප් සියලුම රසිකයින්ට ආරාධනා කරනවා.
මෑතකදී තිරගත වුණු ‘ද ඩෙවිල් වෙයාර්ස් ප්රාඩා 2’ චිත්රපටය ලොව පුරා විශාල ආදායමක් ලබමින් සාර්ථක වුණා. මෙරිල් ස්ට්රීප්, ඈන් හැත්වේ, එමිලි බ්ලන්ට් සහ ස්ටැන්ලි ටුචි වැනි ප්රවීණයන් නැවතත් මේ චිත්රපටයෙන් දැකගන්න ලැබීම රසිකයින්ට ලොකු සතුටක් වුණා. මේ වෙන්දේසිය හරහා චිත්රපටයේ මතකයන් එක්කම සමාජ සත්කාරයකටත් දායක වෙන්න ලැබීම ඇත්තටම වටිනා අවස්ථාවක්.

Discussion & Feedback