කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ලේඛන සකස් කර විකිණීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. පසුගිය බදාදා (15) මෙම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාර දීම සිදු වුණා.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට අමතරව නවීන් වීරකෝන්, මිල්රෝයි පෙරේරා, ජයන්ත කබ්රාල් සහ සරත් එදිරිසිංහ යන අය නම් කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සමදරි පියසේන මහත්මිය විසින් අදාළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන් වෙත භාර දෙනු ලැබුවා. රජයේ ඉඩමක් ව්‍යාජ ලේඛන භාවිත කරමින් අලෙවි කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, ඉදිරියේදී මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විභාග කටයුතු සිදු වීමට නියමිතයි.

Discussion & Feedback