මේ දවස්වල ඉතාලියේ සමාජ මාධ්‍ය පුරාම හරිම ජනප්‍රිය වෙලා තියෙන්නේ අගමැතිනි ජෝර්ජියා මෙලෝනි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවෙලා තියෙන අර්බුදය ගැන නිර්මාණය වුණු විවිධ විහිලු සහගත මීම්ස්. කලින් ට්‍රම්ප්ගේ සමීපතම මිතුරියක් විදියට හිටපු මෙලෝනි, අද වෙනකොට ඔහු එක්ක ලොකු ගැටුමක පැටලිලා ඉන්නවා. මේ දෙන්නා අතර තිබුණු මිත්‍රත්වය කෙතරම් දුරකට පිරිහිලාද කියනවා නම්, දැන් ඔවුන් ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා කරගන්නා තත්ත්වයට පත්වෙලා තියෙනවා.
මේ ගැටුම පටන් ගත්තේ ඉතාලියේ සිගොනෙල්ලා ගුවන් කඳවුර භාවිත කිරීම සම්බන්ධයෙන් ඇතිවුණු ප්‍රශ්නයකින්. පස්සේ ට්‍රම්ප් විසින් පාප් වහන්සේට එල්ල කරපු විවේචන නිසා මෙලෝනි ඔහුට විරුද්ධව කතා කළා. මේකට තරහ ගිය ට්‍රම්ප්, මෙලෝනි ගැන හරිම සැරෙන් ප්‍රකාශ කළා. විශේෂයෙන්ම මෑතකදී පැවති G7 සමුළුවේදී ගත්ත ඡායාරූපයක් සම්බන්ධයෙන් ට්‍රම්ප් කරපු අසත්‍ය ප්‍රකාශයකට මෙලෝනි ඉතාම දැඩිව පිළිතුරු දුන්නා. ‘මමවත් ඉතාලියවත් කවදාවත් කාගෙවත් පස්සේ ගිහින් හිඟාකන්නේ නැහැ’ කියලා ඇය ප්‍රසිද්ධියේම කිව්වා.
දැන් ඉතාලි දේශපාලනය ඇතුළේ මේ සිදුවීම ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඉතාලි විදේශ ඇමතිවරයා තමන්ගේ ඇමරිකානු සංචාරය පවා අවලංගු කරලා තියෙනවා. කොහොම වුණත්, කලින් ඉතාම සමීපව හිටපු මේ නායකයන් දෙදෙනා අතර ඇතිවෙලා තියෙන මේ අර්බුදය විසඳගන්න එක ලේසි පහසු වෙන්නේ නැති බවයි දේශපාලන විචාරකයන් නම් කියන්නේ.

Discussion & Feedback