ජනප්රිය ‘ස්ක්රීම්’ (Scream) චිත්රපට මාලාවෙන් හදිසියේම ඉවත් කළ නිළි මෙලිසා බැරේරා, එම කතා මාලාව ගැන තවමත් ලොකු ආදරයකින් ඉන්නවා කියලා පසුගිය දිනක මාධ්ය හමුවේ පවසා තිබෙනවා. 2023 වසරේදී පලස්තීනයට සහය පළ කරමින් ඇය සමාජ මාධ්ය ඔස්සේ පළ කළ අදහස් නිසා, එම චිත්රපට නිෂ්පාදනය කළ ‘ස්පයිග්ලාස්’ (Spyglass) මාධ්ය ආයතනය ඇයව වහාම ක්රියාත්මක වන පරිදි චිත්රපට මාලාවෙන් ඉවත් කළා. තමන්ට එල්ල වූ යුද විරෝධී චෝදනා සම්බන්ධයෙන් එම ආයතනය කිසිදු සමාවක් නොගැනීම ගැන ඇය තවමත් සිටින්නේ දැඩි කලකිරීමකින්. ඒ නිසාම, ස්පයිග්ලාස් ආයතනය යටතේ පවතින තාක් කල් තමන් නැවත කිසිදා එම චිත්රපටවලට සම්බන්ධ නොවන බව ඇය අවධාරණය කරනවා.
කෙසේ වෙතත්, මෙම චිත්රපට මාලාවේ අයිතිය වෙනත් පාර්ශවයකට ලැබුණහොත්, නැවතත් එම චිත්රපටවල රඟපෑමට තමන් සූදානම් බව ඇය පවසනවා. මෙලිසා බැරේරා ඉවත් කිරීමෙන් පසු, ප්රධාන නිළි ජෙනා ඔර්ටේගා සහ අධ්යක්ෂ ක්රිස්ටෝපර් ලැන්ඩන් ද එම ව්යාපෘතියෙන් ඉවත් වුණා. මේ වන විට ‘ස්ක්රීම් 7’ චිත්රපටය සඳහා මුල් චිත්රපට මාලාවේ සිටි නීව් කැම්බල්ව නැවත සම්බන්ධ කරගෙන තිබුණත්, රසිකයන් අතරින් සහ විරෝධතාකරුවන්ගෙන් චිත්රපටයට එල්ල වන බලපෑම් තවමත් අඩු වී නැහැ. තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසන මෙලිසා, තමන්ට එල්ල වූ චෝදනා අසත්ය බවත්, තමන් සැමවිටම සත්ය වෙනුවෙන් පෙනී සිටි බවත් නැවතත් සිහිපත් කරනවා.

Discussion & Feedback