ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණු මෙල් ගිබ්සන්ගේ ‘ද පැෂන් ඔෆ් ද ක්රයිස්ට්’ චිත්‍රපටයේ දෙවන කොටස ගැන රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. 2004 වසරේදී තිරගත වුණු පළමු චිත්‍රපටය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයේ අවසාන පැය කිහිපය අතිශය තීව්ර ලෙස නිරූපණය කරමින් ලොව පුරා විශාල ආදායමක් වාර්තා කළා. දැන් මෙන්න වසර විස්සකට පසුව, ගිබ්සන් මේ කතාව තවත් ඉදිරියට ගෙනියන්න සූදානම් වෙන්නේ ‘ද රෙසරෙක්ෂන් ඔෆ් ද ක්රයිස්ට්’ නමින්. මුලින් එක් චිත්‍රපටයක් ලෙස සැලසුම් කළත්, දැන් මෙය කොටස් දෙකකින් යුත් දැවැන්ත නිර්මාණයක් ලෙස තමයි එළිදැක්වෙන්නේ.
මේ චිත්‍රපට මාලාවේ පළමු කොටස 2027 වසරේදීත්, දෙවන කොටස 2028 මැයි මාසයේදීත් ප්‍රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. විශේෂම දේ තමයි, මේ චිත්‍රපට සඳහා සම්පූර්ණයෙන්ම අලුත් නළු නිළියන් පිරිසක් එකතු කරගෙන තිබීම. යේසුස් වහන්සේගේ උත්ථානය සහ ස්වර්ගාරෝහණය දක්වා සිදුවීම් ඉතා විස්තරාත්මකව මෙහි ගොනු කරලා තියෙනවා. රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රාගාරයේදී මේ නිර්මාණ කටයුතු සිදුකර ඇති අතර, පළමු චිත්‍රපටයට වඩා වෙනස් වූත්, වඩාත් ගැඹුරු වූත් ආධ්‍යාත්මික අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමට ගිබ්සන් උත්සාහ කරනවා. බයිබලයේ සඳහන් සිදුවීම් පෙළගැස්ම සහ ගෝලයන්ගේ ජීවිතවල සිදුවන වෙනස්කම් මේ චිත්‍රපට දෙක හරහා අපූරුවට දැකගන්න ලැබෙනු ඇති.

Discussion & Feedback