ලෝක ප්රසිද්ධ ස්පයිස් ගර්ල්ස් සංගීත කණ්ඩායමේ රසිකයන්ට සතුටුදායක ආරංචියක් ලැබිලා තියෙනවා. ඔවුන්ගේ ජනප්රිය ‘ස්පයිස් වර්ල්ඩ්’ (1997) චිත්රපටය ඉදිරියේදී අන්තර්ජාලය හරහා නැරඹීමට අවස්ථාව ලැබෙන බව ‘ස්පෝර්ටි ස්පයිස්’ හෙවත් මෙලනි චිෂොම් පවසනවා. වසර ගණනාවක් තිස්සේ විවිධ පාර්ශවයන් සතුව තිබූ මෙම චිත්රපටයේ අයිතිය දැන් සම්පූර්ණයෙන්ම ස්පයිස් ගර්ල්ස් කණ්ඩායම සතු කරගෙන තියෙනවා. ඒ නිසා වැඩි කාලයක් නොගොස් රසිකයන්ට මේ චිත්රපටය නැරඹීමේ අවස්ථාව උදාවෙන බව ඇය ලුවිස් තෙරූගේ පොඩ්කාස්ට් වැඩසටහනකදී සඳහන් කළා.
මෙම චිත්රපටය ස්පයිස් ගර්ල්ස් කණ්ඩායමේ ජනප්රියත්වයේ උච්චතම අවස්ථාවේදී නිර්මාණය වුණ එකක්. එල්ටන් ජෝන්, රොජර් මුවර් වැනි ප්රවීණ තරු රැසක් රංගනයෙන් දායක වූ මෙම චිත්රපටය නැවත නැරඹීමට රසිකයන් බොහෝ කාලයක් තිස්සේ බලාගෙන හිටියා. මේ අතර, ඔවුන්ගේ සුප්රසිද්ධ ‘වැනබී’ ගීතයට වසර 30ක් පිරීම නිමිත්තෙන් රසිකයන් අතර විශාල කතාබහක් ඇති වුණත්, කණ්ඩායම නැවත එකතු වීමක් ගැන දැනට සැලසුමක් නැති බවත් මෙල් සී වැඩිදුරටත් පැවසුවා. කෙසේ වෙතත්, ඔවුන් නිරන්තරයෙන්ම එකිනෙකා සමඟ සම්බන්ධ වී සිටින නිසා අනාගතයේදී යම් විශේෂ දෙයක් සිදුවනු ඇතැයි ඇය තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Discussion & Feedback