සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් නැවත වරක් රංගන ක්ෂේත්රයට පිවිසීමට සූදානම් වන බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඇය සහ හැරී කුමරු තම දරුවන් සමඟ නැවතත් එංගලන්තයේ පදිංචියට යාමට තීරණය කර ඇති අතර, මේගන්ට එංගලන්තයේ නිෂ්පාදනය කෙරෙන නවතම චිත්රපටයක ප්රධාන චරිතයක් සඳහා ආරාධනාවක් ලැබී තිබෙනවා. ඇය නැවත එංගලන්තයට පැමිණීමට ප්රධාන හේතුවක් ලෙස මෙම රංගන අවස්ථාව සැලකෙන බවයි වාර්තා වන්නේ.
මීට පෙර ‘සූට්ස්’ (Suits) නාට්ය මාලාව හරහා ලොව පුරා ජනප්රියත්වයට පත් මේගන්, රාජකීය පවුලේ සාමාජිකාවක් වූ පසු රංගනයෙන් තරමක් දුරස්ව සිටියා. කෙසේ වෙතත්, ඇය පසුගිය කාලයේ නෙට්ෆ්ලික්ස් වැනි මාධ්ය ආයතන සමඟ එක්ව විවිධ වැඩසටහන් නිෂ්පාදනය කළා. මීට අමතරව, ඇය ‘ක්ලෝස් පර්සනල් ෆ්රෙන්ඩ්ස්’ නමැති චිත්රපටයේ කුඩා චරිතයකට රංගනයෙන් දායක වීමට නියමිත බවත් පසුගියදා අනාවරණය වුණා. මෙය ඇය වසර අටකට පසු රංගනයට පිවිසෙන අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.
මේගන් සහ හැරී කුමරු තම දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා සැප්තැම්බර් මාසයේදී එංගලන්තයට යාමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් එංගලන්තයේ පදිංචි වුවත්, ඇමරිකාවේ මොන්ටෙසිටෝහි පිහිටි ඔවුන්ගේ නිවස සහ ආචිවෙල් ප්රඩක්ෂන්ස් (Archewell Productions) ආයතනය තවදුරටත් ඇමරිකාව කේන්ද්ර කරගෙන පවත්වාගෙන යාමටයි ඔවුන් බලාපොරොත්තු වන්නේ. රාජකීය පවුලේ සාමාජිකයන් ලෙස නිල රාජකාරිවලින් ඉවත් වී සිටින ඔවුන්, ඉදිරියේදී පෞද්ගලික පුද්ගලයන් ලෙස එංගලන්තයේ ජීවත් වීමට නියමිතයි.

Discussion & Feedback