සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් මාකල් නැවත වරක් රංගන ක්ෂේත්රයට පිවිසීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඇය නෙට්ෆ්ලික්ස් ආයතනය නිෂ්පාදනය කරන ජනප්‍රිය ‘ද ජෙන්ට්ල්මන්’ (The Gentlemen) කතාමාලාව සඳහා එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ. හැරී කුමරු සමඟ විවාහ වීමෙන් පසු ඇය රංගන කටයුතුවලින් ඉවත් වී සිටි අතර, මෙය ඇයගේ නැවත පැමිණීම සනිටුහන් කරන ප්‍රධානම අවස්ථාවක් වනු ඇති බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. ගයි රිචී විසින් අධ්‍යක්ෂණය කරන මෙම කතාමාලාව දැනටමත් ලොව පුරා විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.
මේ අතර, මේගන් සහ හැරී කුමරු මේ මස අගදී නැවතත් එක්සත් රාජධානියට පදිංචියට පැමිණීමට සැලසුම් කරමින් සිටින බවත් වාර්තා වෙනවා. ඔවුන්ගේ දරුවන් වන ආචී සහ ලිලිබෙට් කුමරිය සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට නියමිතයි. මේගන්ගේ මෙම රංගන ආගමනය ඇයගේ ව්‍යාපාරික කටයුතුවලටත් විශාල පිටුවහලක් වනු ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිල වශයෙන් වැඩිදුර තොරතුරු තවමත් අනාවරණය වී නැහැ. වසර ගණනාවකට පසු ඇය නැවතත් රංගනයට එක්වීම ඇගේ රසිකයන්ට නම් සතුටුදායක ආරංචියක් වනු නොඅනුමානයි.

Discussion & Feedback