ජපානයේ මැක්ඩොනල්ඩ්ස් ආයතනය මේ දවස්වල පොකෙමන් රසිකයන් වෙනුවෙන් හරිම අපූරු වැඩසටහනක් පටන් අරන් තියෙනවා. මේක ‘Pokémon Summer Mac’ නමින් හඳුන්වන විශේෂ ගිම්හාන උත්සවයක්. මැක්ඩොනල්ඩ්ස් ආයතනයේ 55 වැනි සංවත්සරය සහ පොකෙමන් ආයතනයේ 30 වැනි සංවත්සරය සමරන්න තමයි මේ වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ. ජූලි 10 වැනිදා පටන් ගත්ත මේ වැඩසටහන අගෝස්තු 31 වෙනකම්ම ක්රියාත්මක වෙනවා. මේ යටතේ පොකෙමන් චරිත ඇඳපු විශේෂ මැක්නගට්ස් පෙට්ටි වගේම, ලොතරැයි ක්රමයට ලබාගන්න පුළුවන් විශේෂ ‘Summer Chance Bag’ එකකුත් හඳුන්වා දීලා තියෙනවා. මේ බෑග් එක ඇතුලේ පිකාචු ෆ්රයිස් ටයිමර් එකක්, පොකෙමන් කප් එකක් සහ තවත් වටිනා දේවල් ගොඩක් තියෙනවා.
ඒ විතරක් නෙවෙයි, ජූලි 20 වැනිදා ඉඳන් ජපානයේ තියෙන හැම මැක්ඩොනල්ඩ්ස් අවන්හලක්ම ‘Pokémon GO’ ක්රීඩාවේ විශේෂ Poké Stops විදිහටත් ක්රියාත්මක වෙනවා. අවුරුදු හයකට පස්සේ තමයි මෙහෙම අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඔයා පොකෙමන් කාටූන් බලන්න කැමති කෙනෙක් හරි, ගේම් ගහන්න ආස කෙනෙක් හරි නම් මේ දවස්වල ජපානයේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මැක්ඩොනල්ඩ්ස් පැත්තේ ගොඩ වෙන්න අමතක කරන්න එපා. තවමත් හෙළි නොකරපු තවත් පොකෙමන් විශේෂාංග කිහිපයක්ම ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේ ගිම්හානය පොකෙමන් රසිකයන්ට නම් හරිම සතුටුදායක කාලයක් වෙයි කියලා තමයි හැමෝම කියන්නේ.

Discussion & Feedback