වැනීසිය චිත්රපට උළෙලේදී පසුගියදා සිදුවූ අපූරු සිදුවීමක් ගැන මේ දිනවල ලෝකයම කතා වෙනවා. ප්රධාන තරගකාරී අංශයට නිර්දේශ වී තිබූ ‘Woman Unknown’ චිත්රපටය තිරගත වෙමින් තිබියදී එහි උපසිරැසිවල ගැටලුවක් මතු වුණා. මේ නිසා චිත්රපටයේ අධ්යක්ෂිකා මේ එල්-ටූකි වහාම මැදිහත් වී චිත්රපටය නතර කිරීමට පියවර ගත්තා. ඇය සහ නිෂ්පාදකවරයා එක්ව තීරණය කළේ මිනිත්තු පහළොවක් ආපස්සට ගොස් නැවත චිත්රපටය ප්රදර්ශනය කිරීමටයි. ප්රේක්ෂකයන්ට චිත්රපටයේ රසය නිවැරදිව විඳගන්නට ඉඩ සලසා දීම ඇගේ අරමුණ වුණා.
මෙම සිදුවීමෙන් පසුව නැවත ආරම්භ කළ චිත්රපටය අවසානයේ ප්රේක්ෂකයන්ගෙන් ලැබුණේ පුදුම සහගත ප්රතිචාරයක්. මිනිත්තු හතහමාරක් පුරා පැවති අත්පොළසන් නාදයත් සමඟ අධ්යක්ෂිකාව සහ රංගන ශිල්පීන් දැඩි සංවේගයකට පත් වුණා. දෙවන ලෝක යුද්ධ සමයේ ඩෙන්මාර්කයේ කාන්තාවන් මුහුණ දුන් අභියෝග සහ ඔවුන්ගේ අතීත රහස් ගැන කියැවෙන මෙම සිනමා පටය මේ වන විටත් ලොව පුරා කතාබහට ලක්වෙලා තියෙනවා.
මේ වසරේ වැනීසිය චිත්රපට උළෙලේ ප්රධාන තරගකාරී අංශයට තේරී පත් වූ එකම කාන්තා අධ්යක්ෂිකාවන් දෙදෙනාගෙන් අයෙක් වන්නේත් ඇයයි. සිනමාව තුළ කාන්තාවන්ට තවමත් පවතින අභියෝග සහ ඔවුන්ගේ අදෘශ්යමාන බව ගැන ඇය මෙහිදී අදහස් දක්වා තිබුණා. කෙසේ වෙතත්, තාක්ෂණික දෝෂයක් මැද වුවත් ඇයගේ නිර්මාණය ප්රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වීම සැබැවින්ම සතුටට කරුණක්.

Discussion & Feedback