ලොව පුරා බොහෝ දෙනෙක් ආසාවෙන් නරඹන බ්රිතාන්යයේ ජනප්රිය රියැලිටි වැඩසටහනක් වන ‘I’m A Celebrity… Get Me Out of Here’ වැඩසටහන නැවත වතාවක් ඇමරිකානු ප්රේක්ෂකයන් වෙනුවෙන් Peacock නාලිකාව හරහා නිර්මාණය වෙන්නයි යන්නේ. මේ අලුත්ම වැඩසටහන ඉදිරිපත් කරන්නේ ‘Traitors’ වැඩසටහන හරහා ලොකු ජනප්රියත්වයක් ලබාගත්ත මෝරා හිගින්ස් සහ රොබ් රවුෂ් කියන දෙන්නා විසින්. මීට කලිනුත් ඇමරිකාවේ මේ වගේ වැඩසටහන් කරන්න උත්සාහ කළත්, මෙවර Peacock ආයතනය මේ වැඩසටහන අලුත් මුහුණුවරකින් අරගෙන එන්න සූදානම් වෙනවා.
මේ වැඩසටහනේ තියෙන විශේෂම දේ තමයි, මෙවර තරගකරුවන්ට තනියම නෙවෙයි, තමන්ගේ හිතවතෙක් හෝ පවුලේ සාමාජිකයෙක් එක්ක තමයි කැලෑවේ ජීවත් වෙන්න වෙන්නේ. කිසිම පහසුකමක් නැතිව, කැලෑවේ තියෙන අභියෝගවලට මුහුණ දෙමින් තමයි මේ කණ්ඩායම් තරග කරන්නේ. ජයග්රාහකයන්ට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල් ත්යාගයක් හිමිවෙනවා. මෝරා සහ රොබ් කියන දෙන්නා ‘Traitors’ වැඩසටහනේදී ලොකු කතාබහක් ඇති කළ දෙන්නෙක් නිසා, මේ අලුත් වැඩසටහනත් ගොඩක් රසවත් වෙයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ලබන වසරේදී මේ වැඩසටහන නරඹන්න අපිට අවස්ථාව ලැබෙනවා.

Discussion & Feedback