හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු මැතිව් මැකොනගි තමන්ගේ රංගන හැකියාව විතරක් නෙවෙයි, ගායන සහ සංගීත හැකියාවත් අලුත්ම චිත්රපටයකින් පෙන්වන්න සූදානම් වෙනවා. ඔහු රඟපාන ‘The Rivals of Amziah King’ චිත්රපටයේ එන ‘Quill’ කියන ගීතය සහ එහි වීඩියෝව මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. මේ ගීතයේදී මැකොනගි තමන්ගේ හඬ වගේම බැන්ජෝ වාදනයෙනුත් දක්ෂතා දක්වනවා. ඔහුත් එක්ක බෙන් හාඩෙස්ටි ඇතුළු පිරිසක් මේ ගීතයට දායක වෙලා තියෙනවා.
මේ චිත්රපටයේ කතාව දිග හැරෙන්නේ ඔක්ලහෝමා ප්රාන්තයේ පිටිසර පළාතක. මැකොනගි මෙහි රඟපාන්නේ අමසියා කිං කියන චරිතයට. ඔහු සංගීතයට දක්ෂ කෙනෙක් වගේම නගරයේ තියෙන ලොකුම මී පැණි නිෂ්පාදන ව්යාපාරය පවත්වාගෙන යන කෙනෙක්. හදිසියේම ඔහුගේ හදාගත් දියණිය ආපහු ගෙදර එනකොට, ඇයත් එක්ක එකතු වෙලා පවුලේ ව්යාපාරය දියුණු කරන්න ඔහු උත්සාහ කරනවා. හැබැයි මී පැණි ව්යාපාරය ඇතුලේ තියෙන තරඟකාරීත්වය නිසා ඔහුට ලොකු අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඇන්ඩෲ පැටසන් අධ්යක්ෂණය කරන මේ චිත්රපටය අගෝස්තු 14 වෙනිදා සිට සිනමාහල්වල තිරගත වෙන්න නියමිතයි. මැකොනගි එක්ක කෝල් ස්ප්රවුස්, කර්ට් රසල් වගේ ප්රසිද්ධ නළු නිළියන් රැසක් මේ චිත්රපටයට රංගනයෙන් දායක වෙනවා. මේ චිත්රපටය ගැන සිනමා රසිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා, ඉතින් මේ අලුත්ම ගීතයත් එක්ක චිත්රපටය ගැන තියෙන කුතුහලය තවත් වැඩි වෙලා තියෙනවා.

Discussion & Feedback