මේ දිනවල හොලිවුඩ් සිනමා ලෝකයේ වැඩිම කතාබහක් ඇතිවෙලා තියෙන්නේ මැතිව් මැකොනගි රංගනයෙන් දායක වන ‘ද රයිවල්ස් ඔෆ් ඇම්සියා කින්ග්’ (The Rivals Of Amziah King) සහ ග්රීන් ඩේ සංගීත කණ්ඩායමේ ආභාෂය ලැබූ ‘නිම්රොඩ්ස්’ (Nimrods) චිත්රපට දෙක ගැනයි. ඇම්සියා කින්ග් චිත්රපටයේ මැතිව් මැකොනගි රඟපාන්නේ මී මැසි පාලනයේ නිරත වන අමුතුම චරිතයක්. මේ චිත්රපටය අපරාධ ත්රාසජනක කතාවක් වුණත්, ඒ තුළ තියෙන බ්ලූග්රෑස් සංගීතමය අංග සහ මැකොනගිගේ රංගනය විචාරකයන්ගේ පවා ඉහළම පැසසුමට ලක්වෙලා තියෙනවා. ඕක්ලහෝමා ප්රාන්තයේ පසුබිමින් දිවෙන මේ කතාව ඇත්තටම සිනමා රසිකයන්ට අලුත් අත්දැකීමක් වේවි.
අනිත් පැත්තෙන් ‘නිම්රොඩ්ස්’ කියන්නේ තරුණ පරපුර ඉලක්ක කරගෙන නිර්මාණය වුණු හරිම විනෝදජනක රෝඩ් ට්රිප් (road trip) කොමඩියක්. මේ චිත්රපටය ග්රීන් ඩේ සංගීත කණ්ඩායමේ මුල් කාලීන සංචාරවල අත්දැකීම් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේසන් තේම්ස් සහ මැකෙනා ග්රේස් රංගනයෙන් දායක වන මේ චිත්රපටයට ග්රීන් ඩේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පවා සම්බන්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ චිත්රපටයේ තියෙන ග්රීන් ඩේ ගීත එකතුව සහ ඔවුන්ගේ රසිකයන් වෙනුවෙන් කරපු විශේෂ ප්රවර්ධන වැඩසටහන් නිසා මේ වන විටත් ලොකු ආකර්ෂණයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සති අන්තයේ සිනමා ශාලාවකට ගිහින් මේ අලුත්ම චිත්රපට අත්දැකීම් විඳගන්න ඔයාලට පුළුවන්.

Discussion & Feedback