ප්රසිද්ධ ‘ස්ක්රීම්’ (Scream) සිනමා මාලාවේ ස්ටූ මැචර්ගේ චරිතයට නැවත පණ පෙවීම සම්බන්ධයෙන් නළු මැතිව් ලිලාඩ් මේ දිනවල දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. ඉශ්රායෙල්-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් පලස්තීනුවන්ට සහය පළ කිරීම නිසා නිළි මෙලිසා බැරේරාව චිත්රපටයෙන් නෙරපා හැරීමෙන් පසුව, තමන් එම චිත්රපටයට සම්බන්ධ වීම ගැන තමන්ට ලැජ්ජාවක් සහ අපහසුතාවයක් දැනෙන බව ඔහු ප්රසිද්ධියේම පවසා තිබෙනවා. මෙලිසා බැරේරා ඒ අවස්ථාවේදී ගත්තේ නිවැරදි පැත්ත බවත්, ඇයව නෙරපා හැරීම අසාධාරණ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
තමන්ට මේ ගැන අදහස් දක්වන්න සිද්ධ වුණේ තමන්ගේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින පියෙක් විදිහට බවත්, අසාධාරණයට එරෙහිව හඬක් නැගීම වැදගත් බවත් ඔහු පවසනවා. තමන්ට නැවත චිත්රපටයට ආරාධනා ලැබුණු වෙලාවේ ඒ ගැන තිබුණු උද්යෝගය නිසා මෙලිසාට සිදුවූ අසාධාරණය ගැන හිතන්න බැරි වුණා කියලා ඔහු අවංකවම පිළිගන්නවා. මේ සිදුවීම නිසා ස්ක්රීම් චිත්රපට මාලාවට ලොකු බලපෑමක් එල්ල වුණා වගේම, රසිකයන් පවා චිත්රපටය වර්ජනය කිරීමට පවා පෙළඹුණා.
මෙලිසා බැරේරාගේ ඉවත් වීමත් සමඟ ජෙනා ඔර්ටෙගා සහ අධ්යක්ෂ ක්රිස්ටෝපර් ලැන්ඩන් වැනි ප්රධාන චරිත පවා චිත්රපටයෙන් ඉවත් වුණා. කෙසේ වෙතත්, මැතිව් ලිලාඩ්ගේ මෙම ප්රකාශයත් සමඟ හොලිවුඩයේ පවතින මතවාදී ගැටුම් සහ කලාකරුවන්ගේ ස්ථාවරයන් ගැන නැවතත් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා. තමන්ගේ වෘත්තීය ජීවිතය පවා අවදානමේ දාගෙන මෙලිසා ගත් තීරණය නිවැරදි බව ඔහු නැවතත් තහවුරු කර තිබෙනවා.

Discussion & Feedback