ලොව පුරා අතිවිශාල ජනප්රියත්වයක් ලැබූ ‘බාබි’ චිත්රපටයේ දෙවන කොටසක් නිර්මාණය කිරීම පිළිබඳව මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ටොරොන්ටෝ සිනමා උළෙලේදී අදහස් දක්වමින් මැටෙල් ස්ටූඩියෝස් හි ප්රධානී රොබී බ්රෙනර් කිව්වේ, අපි හැමෝම වගේම එයාලත් බාබි දෙවන චිත්රපටයක් දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලයි. ඒත් මේ වෙනුවෙන් නිශ්චිත කාලසීමාවක් තවම තීරණය කරලා නැහැ. දැනට මැටෙල් සමාගම අවධානය යොමු කරලා තියෙන්නේ ක්රිස් මෙලෙඩැන්ඩ්රි එක්ක එකතු වෙලා නිර්මාණය කරන බාබි සජීවීකරණ චිත්රපටය වෙනුවෙන්. ඒ නිසා බාබි සම්බන්ධ අලුත් නිර්මාණ ඉදිරියටත් දකින්න ලැබෙන බව නම් ස්ථිරයි.
පළමු බාබි චිත්රපටය අධ්යක්ෂණය කරපු ග්රෙටා ගර්විග්ගේ දර්ශනය සහ නිර්මාණශීලී බව මේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වුණා. ග්රෙටා මුලින්ම බාබි ගැන කිව්ව ‘හයි හීල් සහ බර්කන්ස්ටොක් අතර ජීවත් වෙන කතාව’ කියන අදහස තමයි ඔවුන්ව මේ ගමනට පොළඹවා ගත්තේ. දැනට තියෙන ආරංචි අනුව, මේ වසර අවසානයට පෙර දෙවන චිත්රපටය සඳහා ගිවිසුම් කටයුතු සිදු නොවුණොත්, චිත්රපටයේ අයිතිය නැවතත් මැටෙල් සමාගම වෙත පැවරෙනවා. ඒ නිසා රසිකයන් බලාපොරොත්තු වෙන මේ දෙවන කොටස ගැන ඉදිරි මාස කිහිපය තුළ තීරණාත්මක තීරණ කිහිපයක් ගන්න සිද්ධ වෙයි. කොහොම වුණත්, බාබි කියන්නේ මැටෙල් සමාගම සිනමා ලෝකයේ ඉහළින්ම ඔසවා තැබූ සුවිශේෂී නිර්මාණයක් බව නම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

Discussion & Feedback