අභ්යවකාශයේ සවිකරන දැවැන්ත කැඩපත් මගින් පෘථිවියට පරාවර්තනය කරන ආලෝකය පූර්ණ චන්ද්රයා මෙන් 40 ගුණයක් දීප්තිමත් විය හැකි බව නවතම විද්යාත්මක අධ්යයනයකින් හෙළිවෙලා තියෙනවා. ඇමරිකාවේ ‘Reflect Orbital’ නමැති සමාගමක් සූර්ය බලශක්තිය රාත්රී කාලයේදීත් ලබාගැනීමේ අරමුණින් මෙම අභ්යවකාශ කැඩපත් ව්යාපෘතිය දියත් කිරීමටයි සැරසෙන්නේ. මේ සඳහා ඔවුන් දැනටමත් අත්හදා බැලීමේ චන්ද්රිකාවක් අභ්යවකාශගත කිරීමට අවසර ලබාගෙන තියෙනවා. නමුත් විද්යාඥයන් පවසන්නේ මෙය පරිසරයට සහ තාරකා විද්යාවට විශාල බලපෑමක් ඇති කරන බවයි.
ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ තාරකා භෞතික විද්යා මහාචාර්ය ගැස්පර් බාකෝස් පවසන පරිදි, මෙම කැඩපත් මගින් ඇතිවන ආලෝක දූෂණය ලන්ඩනය වැනි විශාල නගරවල පවතින ආලෝකයටත් වඩා දරුණු විය හැකියි. මෙම කැඩපත්වලින් පතිත වන ආලෝක කදම්භය යටතේ සිටින අයට රාත්රී අහසේ තරු කිසිවක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එය හරියටම අඳුරු රාත්රියක් වෙනුවට සන්ධ්යා කාලයේ පවතින අමුතු ආලෝකයක් වැනි තත්ත්වයක් නිර්මාණය කරනවා.
සමාගම ඉදිරියේදී මෙවැනි කැඩපත් 40,000ක් අභ්යවකාශගත කිරීමට සැලසුම් කර තිබීම තාරකා විද්යාඥයන් සහ පරිසරවේදීන් අතර දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා. එක කැඩපතකින් පවා මෙතරම් ආලෝකයක් ලැබෙනවා නම්, දහස් ගණනක් කැඩපත් එකවර ක්රියාත්මක වූ විට රාත්රී අහසේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වී, ස්වභාවික රාත්රිය අපට අහිමි වී යාමේ අවදානමක් පවතින බවයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback