මේ දවස්වල අභ්යවකාශ තාක්ෂණය ගැන අලුත්ම කතාවක් ලෝකය පුරාම පැතිරෙනවා. ඇමරිකාවේ ‘Reflect Orbital’ කියන සමාගමක් අභ්යවකාශයට දැවැන්ත කැඩපත් යවන්න සැලසුම් කරලා තියෙනවා. මේකේ අරමුණ වෙන්නේ සූර්යාලෝකය පරාවර්තනය කරලා රාත්රී කාලයේදීත් සූර්ය බලශක්ති මධ්යස්ථාන ක්රියාත්මක කිරීම සහ ආපදා අවස්ථාවලදී ආලෝකය ලබාදීමයි. හැබැයි මේ වැඩේ ගැන තාරකා විද්යාඥයන් නම් ඉන්නේ ලොකු බයකින්. මොකද මේ කැඩපත්වලින් පරාවර්තනය වෙන ආලෝකය පූර්ණ චන්ද්රයා වගේ 40 ගුණයක් දීප්තිමත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා.
මේ ගැන අදහස් දක්වන ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ මහාචාර්ය ගැස්පර් බාකෝස් කියන්නේ, මේ කැඩපත් නිසා රාත්රී අහසේ තරු පවා නොපෙනී යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලයි. ලන්ඩන් වගේ ලොකු නගරවල තියෙන ආලෝක දූෂණයටත් වඩා මේක දරුණු වෙන්න ඉඩ තියෙනවා. මේ කැඩපත් එකක් නෙවෙයි, දස දහස් ගණනක් අභ්යවකාශයට යැව්වොත් රාත්රිය කියන දේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යාවි. මේ නිසා පරිසරවේදීන් සහ විද්යාඥයන් මේ ව්යාපෘතියට තදින්ම විරුද්ධ වෙමින් ඉන්නවා.
ඇත්තටම මේකෙන් වෙන්නේ රාත්රී අහසේ ස්වභාවික අලංකාරය නැති වෙලා යන එක විතරක් නෙවෙයි, සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවන රටාවටත් ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අභ්යවකාශයේ තියෙන මේ වගේ අත්හදා බැලීම් නිසා අනාගතයේදී අපිට තරු පිරි අහසක් දකින්න ලැබෙයිද කියන එක ලොකු ප්රශ්නයක් වෙලා තියෙනවා. බලධාරීන් මේ ගැන මොන වගේ තීරණයක් ගනීද කියලා අපි ඉදිරියේදී බලමු.

Discussion & Feedback