හොලිවුඩයේ ජනප්රිය තරු යුවළක් වන මේසන් තේම්ස් සහ මැකෙනා ග්රේස් නැවත වරක් ප්රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ ‘නිම්රොඩ්ස්’ (Nimrods) චිත්රපටය හරහායි. මීට පෙර ‘රෙග්රෙටින් යූ’ (Regretting You) චිත්රපටයේ පෙම්වතුන් ලෙස රඟපෑ මේ දෙදෙනා, ඇත්ත ජීවිතයේදීත් පෙම්වතුන් වීම විශේෂත්වයක්. මේසන් පවසන විදිහට ඔවුන් ‘නිම්රොඩ්ස්’ චිත්රපටයේ රූගත කිරීම් සිදුකර තිබෙන්නේ ‘රෙග්රෙටින් යූ’ චිත්රපටයටත් කලින්. මේ අහඹු සිදුවීම ගැන ඔවුන් දෙදෙනාම ඉන්නේ හරිම සතුටින්. මේ චිත්රපටය දැන් සිනමාහල්වල තිරගත වෙනවා.
‘නිම්රොඩ්ස්’ චිත්රපටයේ කතාව ගෙතෙන්නේ ටොමී නම් තරුණයා සහ ඔහුගේ සංගීත කණ්ඩායම වටායි. ග්රීන් ඩේ (Green Day) සංගීත කණ්ඩායමේ ප්රසංගයකට සහභාගි වීමට ලැබෙන ඇමතුමක් නිසා ඔවුන් කන්සාස් සිට ලොස් ඇන්ජලීස් දක්වා යන ගමනක් ගැන තමයි මේ චිත්රපටයෙන් කියවෙන්නේ. මේ ගමනේදී ටොමීට ඔලිවියා (මැකෙනා ග්රේස්) මුණගැසෙනවා. චිත්රපටයේ එන ගීත සඳහා මේසන් සහ මැකෙනා දෙදෙනාම තම දායකත්වය ලබා දී තිබීම තවත් විශේෂත්වයක්. විශේෂයෙන්ම මේ ගීත නිර්මාණය කර තිබෙන්නේ බිලී ජෝ ආම්ස්ට්රෝංගේ පුත් ජාකොබ් විසින්.
චිත්රපටයේ අධ්යක්ෂක ලී කර්ක් පවසන විදිහට මේ තරුණ නළු නිළියන් දෙදෙනාම හරිම දක්ෂයි වගේම නිර්මාණශීලීයි. ඔවුන් දෙදෙනාම ඉදිරියේදීත් හොඳ නිර්මාණයකට අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේසන් මාධ්ය හමුවේ පවසා තිබුණා. ඉතින් මේ දෙන්නාගේ රංගනය රසවිඳින්න කැමති අයට දැන් ‘නිම්රොඩ්ස්’ චිත්රපටය සිනමාහල්වලින් නැරඹීමේ අවස්ථාව තියෙනවා.

Discussion & Feedback