තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සංචාරක ආයතනයකට ඊයේ දහවල් කාලයේදී කඩා වැදුණු ආයුධ සන්නද්ධ කල්ලියක් රුපියල් මිලියන 60කට අධික මුදලක් සහ රන් ආභරණ කොල්ලකාගෙන පලා ගොස් තිබෙනවා. සුදු පැහැති කුඩා මෝටර් රථයකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් තිදෙනෙකු මෙම මංකොල්ලය සිදුකර ඇති අතර, ඔවුන් එහි සිටි සේවකයින්ට සහ හිමිකරුට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා තිබෙනවා. එහිදී එක් සේවකයෙකුට පහර දී තුවාල සිදු කිරීමටත් මෙම පිරිස කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම මංකොල්ලකරුවන් ආයතනයේ තිබූ රුපියල් මිලියන 60කට වැඩි මුදලට අමතරව, එහි හිමිකරු පැළඳ සිටි රන් මාල හතරක් සහ රන් මුදු තුනක් ද පැහැරගෙන තිබෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා දර්ශනවල මෙම මංකොල්ලය ඉතා පැහැදිලිව සටහන් වී ඇති අතර, පොලිසිය මේ වන විට එම දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් පැමිණි මෝටර් රථය හඳුනා ගැනීමට සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමට තලවතුගොඩ පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
දවල් කාලයේදී මෙවැනි බරපතල මංකොල්ලයක් සිදුවීම ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහට ලක්වී තිබෙනවා. පොලිසිය පවසන්නේ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලවතුගොඩ පොලිසිය විසින් සිදුකරනවා.

Discussion & Feedback