ලොව පුරා ජනප්‍රිය කාඩාෂියන්-ජෙනර් පවුලේ ප්‍රධානියා වන ක්‍රිස් ජෙනර්ගේ ආදරණීය මව, මේරි ජෝ කැම්බල් වයස අවුරුදු 91 දී අභාවප්‍රාප්ත වෙලා. මේ පිළිබඳව ක්‍රිස් ජෙනර් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඉතාමත් සංවේදී පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර තිබුණා. ඇය සඳහන් කරලා තිබුණේ අද දින තමන් තමන්ගේ සුන්දර මවට අවසන් ගෞරව දැක්වූ බවයි. කෙසේ වෙතත්, ඇයගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරලා නැහැ.
මේරි ජෝ කැම්බල් කියන්නේ කාඩාෂියන් පවුලේ රියැලිටි වැඩසටහන් හරහා ලෝකයේම ආදරය දිනාගත්ත චරිතයක්. 2007 වසරේදී ආරම්භ වුණු ‘Keeping Up with the Kardashians’ වැඩසටහනේ සිටම ඇයව නිතරම වගේ අපිට දකින්න ලැබුණා. ඇය ගැන සිහිපත් කරන ක්‍රිස් ජෙනර් පවසන්නේ, පවුල කියන්නේ ජීවිතයේ සියල්ලම බවත්, කොන්දේසි විරහිතව ආදරය කරන්නේ කොහොමද කියලත් ඇය තමන්ට කියා දුන් බවයි. ජීවිතයේ එන අභියෝගවලට නොසැලී, විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න ඇය තමන්ට විශාල ශක්තියක් වුණු බවත් ක්‍රිස් ඉතාමත් හැඟීම්බරව පවසා තිබුණා.
ඇත්තටම මේරි ජෝ කියන්නේ කාඩාෂියන් පවුලේ සාමාජිකයන්ට වගේම ලොව පුරා ඉන්න ඔවුන්ගේ රසිකයන්ටත් ඉතාමත් සමීප චරිතයක්. ඇයගේ වියෝව පවුලේ සැමට විශාල පාඩුවක් වුණත්, ඇය ලබා දුන් ආදර්ශමත් ජීවිතය ගැන ඔවුන් නිතරම කතා කරනවා. ඇයගේ ආත්මයට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතරම, මේ දුෂ්කර මොහොතේදී කාඩාෂියන් පවුලේ සැමට අපේ ශෝකය ප්‍රකාශ කරනවා.

Discussion & Feedback