ලොව පුරා ජනප්රිය වූ ‘ස්පයිඩර් මෑන්: නෝ වේ හෝම්’ චිත්රපටයේ නෙඩ්ගේ ආච්චිගේ චරිතයෙන් ප්රේක්ෂක ආදරය දිනාගත් ප්රවීණ නිළි මේරි එගිඩා රිවේරා වයස අවුරුදු 82ක්ව තිබියදී අභාවප්රාප්ත වී තිබෙනවා. ඇය පසුගිය අප්රේල් 15 වනදා හොනලුලු නුවරදී අභාවප්රාප්ත වූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. හදිසියේ ඇති වූ ආඝාත තත්ත්වයක් හේතුවෙන් ඇයව රෝහල්ගත කර ජීවිතාරක්ෂක පද්ධති මත රඳවා සිටියත්, ඇයගේ සෞඛ්ය තත්ත්වය යහපත් අතට හැරෙන්නේ නැති බව වෛද්යවරුන් තහවුරු කිරීමෙන් පසු පවුලේ අය විසින් ඇයව එම පද්ධතිවලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මේරි රිවේරා මෙම චිත්රපටයට එක්වුණේ ඇයගේ පවුලේ අයගේ දිරිගැන්වීම මතයි. විශේෂයෙන්ම ඇයගේ මව් භාෂාවෙන් එනම් ටගාලොග් භාෂාවෙන් චිත්රපටයේ දෙබස් කතා කිරීමට ලැබීම ඇය ලොකු ආඩම්බරයක් ලෙස සලකා තිබෙනවා. ටොම් හොලන්ඩ්, සෙන්ඩයා සහ ඇන්ඩෲ ගාෆීල්ඩ් වැනි ප්රසිද්ධ නළු නිළියන් සමඟ ඇය රඟපෑ දර්ශන අදටත් රසිකයන් අතර ඉතා ජනප්රියයි. විශේෂයෙන්ම ඇන්ඩෲ ගාෆීල්ඩ්ට සිවිලිමේ තිබූ මකුළු දැලක් ඉවත් කරන්නැයි ඇය පවසන දර්ශනය බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබෙනවා.
ඇයගේ වියෝවෙන් ඇයගේ සැමියා වන ඇලෙජැන්ඩ්රෝ රිවේරා, දරුවන් සිව්දෙනා, මුණුබුරන් 11 දෙනෙක් සහ මී මුණුබුරන් සිව්දෙනෙක් ඇතුළු පවුලේ උදවිය දැඩි ශෝකයකට පත්ව සිටිනවා. ඇය ඉතා සාර්ථක සහ සතුටුදායක ජීවිතයක් ගත කළ බව ඇයගේ පවුලේ අය පවසනවා. සිනමා ලෝලීන්ගේ මතකයේ ඇය සැමවිටම රැඳී සිටිනු ඇති.

Discussion & Feedback