Marvel’s Spider-Man ක්රීඩා මාලාව කියන්නේ සුපිරි වීරයන්ගේ ලෝකයේ අතිශය ජනප්රිය නිර්මාණයක්. Insomniac Games ආයතනය විසින් නිර්මාණය කරපු මේ ක්රීඩා දෙකම ලෝකයේම අවධානය දිනාගන්න සමත් වුණා. මේ නිසාම රසිකයන් ගොඩක් දෙනෙක් තුන්වැනි ක්රීඩාව එනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. හැබැයි Insomniac ආයතනය දැනට Wolverine ක්රීඩාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන නිසා, Spider-Man ගැන ලොකු නිහඬතාවයක් තිබුණා. ඒත් දැන් අලුත්ම ආරංචියක් විදිහට IMDb වෙබ් අඩවියේ Marvel’s Spider-Man 3 නමින් අලුත් පිටුවක් දකින්න ලැබිලා තියෙනවා.
මේ තොරතුර මුලින්ම සමාජ මාධ්ය ඔස්සේ හෙළි කළේ SpiderManCD කියන පරිශීලකයා විසින්. මේ IMDb පිටුවේ සඳහන් වෙන විදිහට, පෙර ක්රීඩා දෙකේම වැඩ කරපු Ryan Smith සහ Bryan Intihar මේ වතාවෙත් අධ්යක්ෂකවරුන් විදිහට කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි, පීටර් පාකර්ගේ චරිතයට නැවතත් Yuri Lowenthal පණ පොවන බවත් එහි සඳහන් වෙනවා. දැනට මේ ක්රීඩාව ‘නිෂ්පාදනය වෙමින් පවතින’ (in production) තත්ත්වයේ තියෙන බව තමයි එහි දැක්වෙන්නේ.
කොහොම වුණත්, Insomniac Games ආයතනයෙන් තවම මේ ගැන නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැහැ. ඒ නිසා මේ තොරතුරු කොයිතරම් දුරට ඇත්තද කියන එක ගැන අපි තවමත් පරිස්සම් වෙන්න ඕනේ. සමහර වෙලාවට මේ වගේ දේවල් වැරදි තොරතුරු වෙන්නත් පුළුවන්. ඒ නිසා Wolverine ක්රීඩාව නිකුත් වෙලා ඒ ගැන තියෙන කලබලය ටිකක් අඩු වෙනකම් අපි ඉවසීමෙන් බලා ඉන්න වෙනවා. කොහොම වුණත්, Spider-Man රසිකයන්ට නම් මේ ආරංචිය හරිම සතුටුදායක එකක් වෙලා තියෙනවා.

Discussion & Feedback